අලූත් ව්‍යවස්ථාවෙන් විධායකය අහෝසියි.. අගමැති තෝරන්න ක‍්‍රම තුනක් එයි..

September 25, 2016 at 3:50 pm | lanka C news
අලූත් ව්‍යවස්ථාවෙන් විධායකය අහෝසියි.. අගමැති තෝරන්න ක‍්‍රම තුනක් එයි..

විධායක ජනාධිපති ධුරය නාම මාත‍්‍රික තත්වයට බල රහිත කර අගමැතිවරයා පත් කිරීම සදාහ ක‍්‍රමවේදයන් තුනක් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මගින් යෝජනා කර ඇති බව රජයේ ආරංචි පවසයි.

මෙම යොජනා ඉදිරිපත් කර ඇත්තේ ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ උපදේශකවරයෙක සුරීය රත්නම් මහතා විසිනි.

වත්මන් ව්‍යවස්ථාවේ ඇති විධායක ජනාධිපති ධුරය නාමාත්‍රික ධුරයක් බවට පත් කිරීමටත් මහ මැතිවණයේදීම අගමැති අපේක්ෂකයා නම් කිරීම, පාර්ලිමේන්තු බහුතරයෙන් අගමැති තෝරා ගැනීම, මහමැතිවරණයේදී අගමැතිවරයෙකු වෙනුවෙන් වෙනම ජන්දය විමසීම එසේ යෝජනා කර ඇති ක‍්‍රම තුනයි.

කෙසේ වෙතත් මේ පිලබදව ව්‍යවස්ථා සම්පාදක කමිටුව අවසන් තීරණයකට පැමිණ නැතිවා මෙන්ම දේශපාලන පක්ෂ තුලද සාකච්ජාවකට ලක් ව තිබේ.

94 views
Main News