අලූත් ව්‍යවස්ථාවෙන් සුළු ජාතික උවමනා ඉටු කලොත් යුද අපරාධ චෝදනා ඉවත් කර ගන්නවා.. – බටහිර රටවල් හයක් දන්වයි…

December 4, 2016 at 3:00 pm | lanka C news
අලූත් ව්‍යවස්ථාවෙන් සුළු ජාතික උවමනා ඉටු කලොත් යුද අපරාධ චෝදනා ඉවත් කර ගන්නවා.. – බටහිර රටවල් හයක් දන්වයි…

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සුළු ජාතික අභිලාෂයන් සම්පූර්ණ වන ලෙෂ සකස් කරන්නේ ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලින් නිදහස් කිරීමට හැකියාව ඇති බව මෙට පිහිටි ප‍්‍රධාන පෙළේ බටහිර රටවල් හයක තානාපති කාර්යාල විසින් රජයට දන්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙකී දැනුම් දීම සිදු කර ඇත්තේ අමෙරිකාව, බි‍්‍රතාන්‍යය, ජර්මනිය, ප‍්‍රංශය, කැනඩාව හා ඔස්ටේ‍්‍රලියානු තානාපති කාර්යාල විසිනි.

අපේක්ෂිත ලෙසින් නව ව්‍යවස්ථාව සැකසෙන්නේ නම් උතුරු මහ ඇමති විග්නේෂ්වරන් ඇතුළු පිරිස් වෙතින් එල්ල වෙමින් ඇති විරෝධතාද සමනය කරගත හැකි වනු ඇතැයිද විශ්වාසය පල කරන තානාපති අංශ ප‍්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේ පොදු එක`ගතාවද වැදගත් බවද අවධාරණය කර ඇත.

64 views
Main News