අලූත් ව්‍යවස්ථාවේ රටට හිතකර වගන්ති පමණයි.. – ජනපති මහනාහිමිවරුන්ට කියයි..
January 1, 2017 at 6:48 pm | lanka C news
ඉදිරියේදී ඉදිරිපත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල රටට අහිතකර කිසිඳු වගන්තියක් අඩංගු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ අස්ගිරි මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.
ඇතැමුන් කුමක් කියුවද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඒකීය භාවයට, බුද්ධ ශාසනයට කිසිම හානියක් වීමට ඉඩ නොතබන බවද සදහන් කර ඇති ජනාධිපතිවරයා මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් තොරව කිසිම විටෙක නව ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ සැකසීමට තමන් සූදානම් නැතැයිද සදහන් කර ඇත.