අලූත් ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම ෆෙඩරල්..- සම්බන්ධන්

January 29, 2019 at 6:27 am | lanka C news
අලූත් ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම ෆෙඩරල්..- සම්බන්ධන්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ෆෙඩරල් ලක්ෂණවලින් සමන්විත වන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අවධාරණය කර ඇත.

තමිල් අරසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් කොළඹදී පැවැති අතර එහිදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවේ ඔහු මේ බව කියා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මඟින් හා විශේෂඥ කණ්ඩායම් මඟින් සකස් කරන ලද වාර්තාවල ෆෙඩරල් ලක්ෂණ දක්නට ලැබෙන බවද මෙහිදී සම්පන්දන් මහතා පෙන්වා දී ඇත.

ඔහු අවධාරණය කර ඇත්තේ බලතල බෙදාහැරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිදුව තිබෙන බවත් මධ්‍යම ආණ්ඩුවට යළි පවරා ගත නොහැකි ලෙස පළාත් සභාවලට බලතල බෙදී ගොස් ඇති බවත්ය.

පාලනය කේන්ද්‍රගතව තිබීම හේතුවෙන් එය “ඔට්‍රියාච්චි” ලෙස හැඳින්විය හැකි අතර බලතල බෙදී තිබීම “කුට්ටයාච්චි” හෙවත් ෆෙඩරල් ලෙස හැඳින්විය හැකි බවද එය මනාව තේරුම් ගත යුතුව තිබෙන බවද ඔහු සඳහන් කර ඇත.

සංකල්ප හා වචන වෙනුවෙන් හිතුවක්කාරී නොවිය යුතු අතර උතුරු නැඟෙනහිර පළාත් ජනතාවගේ සැබෑ තත්ත්වය තේරුම් ගෙන කටයුතු කළ යුතුව තිබෙන බවද මන්ත්‍රිවරයා මධ්‍යම කාරක සභාවට පැහැදිලි කරදී තිබේ.

තත්ත්වය එසේ තිබියදී එක් එක් අය තමන්ට හැඟෙන ප්‍රකාශ සිදු නොකළ යුතු බවද එම ප්‍රකාශ දකුණේ ඇතැම් පාර්ශ්ව තම සටන් පාඨ බවට යොදා ගැනීමට උත්සාහ කරන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.

– mawbima

27 views

8 Comments to “අලූත් ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම ෆෙඩරල්..- සම්බන්ධන්”

  1. හැකහැක says:

    කල්ලතෝනියගෙ කට බොරු කිවුවත් දිව බොරු කියන්නෙ නැහැයි කියන්නෙ ඕක තමයි.

  2. Nagasinha says:

    මේ පිළිබද සයිබර් UNP සහ සයිබර් ජෙප්පන්ගේ අදහස බලාපොරොත්තු වෙනවා.

    • click says:

      JVP does not believe the word of mouth since we are not “Pohottuwo”

      Just a word cannot bully ant JVP member.

      We need facts with proof. That is how we work.

      Just go and play with “Pohottuwo”

      • Nagasinha says:

        ජෙප්පෙක් කියනවා ජෙප්පෝ කටකතා විශ්වාස කරන්නේ නැහැලු.
        කතාව හරියට හරි. තමා හොරෙක් නම් ඔහු සිතන්නේ හැම එකාම හොරු කියලා.

        වරායේ තඩි ගල, රත්තරන් අශ්වයෝ, ඇබුල් තියල් ගෙනෙන්න හදපු හයිවේ සහ තවත් දහසක් බොරු කට කතා හදපු ජෙප්පෝ, මේ වන විට තමා අහන්න කැමති නැති සියල්ල විරුද්ධවාදීන් ගොතන කටකතා ලෙස සිතන තත්වයට පත් වෙලා. කර්මය පල දීලා. පවු!

  3. Sobitha says:

    TNA and the desired tiger tamils can have their what ever nadu in Tamil Nadu across Polk-Straignt in Indis and not in Sri Lanka.

  4. suranga says:

    දෙමළු උන්ට ඔනෑ දෙු කොහොම හරි කර ගන්නවා. සිංහල ජාතිය බෙදි වෙන්වෙලා නිවටයෝ වගේ ඉන්නවා. අනේ සංසාරේ

    • Nagasinha says:

      බෙදිලා වෙන්වීමටත් වඩා තියෙන්නේ වහල් මානසිකත්වය.
      මුලින්ම හිතා ගන්නවා තමා ජෙප්පෙක් කියලා.
      ඉන්පසු ජෙපි නායකයා කරන ඕනෙම දේකට වහලෙක් වගේ එකග වෙනවා.

      අනික් උන් හිතාගන්නවා තමන් කැපුවත් කොල UNP කියලා.
      ඉන්පසු වහලෙක් සේ UNP නායකයන් කරන ඕනෑම දෙකට එකග වෙනවා.

      ජාතිවාදී පදනමෙන් රට බෙදුවත්, ඇමෙරිකා කදවුරු හදන්න දුන්නත්, මහ බැංකුවට විදලා තමන්ගේ මුදල් කොල්ල කෑවත්, රටේ ජාතික සම්පත් විකුණුවත් මුන්ට වහල් මානසිකත්වයෙන් මිදෙන්න බෑ.

  5. Dayani says:

    Bloody Kallathonies cannot order around.!!! There will be no Federal State in Sri Lanka, as Tamils are treated much better than the Sinhalese now.!!!
    Stop your racist, tiger smelling mouth, or Go to hell without trying provoke both innocent Sinhalese and Tamils.!!

Main News