අලූත් ව්‍යවස්ථාව දෙසතියෙන් කෙටුම්පත් කරයි.. එන සතියේ ජනපති අතට..
February 14, 2017 at 4:40 pm | lanka C news
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරි සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සදහන් කරයි.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ විසින් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් සමග පැවති සාකච්චාවකදීය.
කෙසේ වෙතත් පසුගිය සතියේ පාර්ලිමේන්තුව අමතමින් සභානායක ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා කියා සිටියේ නව ව්‍යවස්ථාවක් ගෙන එව බව සත්‍ය නමුත් එහි එක් අකුරක්වත් මේ වන විට කෙටුම්පත් කර නැති බවයි.
එනම් ජයම්පති වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයාට බාර දීමට යන්නේ සති දෙකකදී කෙටුම්පත් කරන ලද නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්තා කෙටුම්පතක් විය යුතුය.