අලූත් ව්‍යවස්ථාව සූදානම්.. අයවැයට පෙර පාර්ලිමේන්තුවට..

October 1, 2016 at 5:30 pm | lanka C news
අලූත් ව්‍යවස්ථාව සූදානම්.. අයවැයට පෙර පාර්ලිමේන්තුවට..

නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2017 වසර සදහා වූ අයවැය යෝජනාවලියට පෙර නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සභාපතීත්වය දරනු ලබන ව්‍යවස්ථා සම්පාදක කමිටුව විසින් මේ වන විට නව ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත සකස් කරමින් සිටී.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු සියළු පාර්ශවයන්ගේ අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට කාලයක් ලබා දීමටද නියමිතය.

25 views
Main News