අලූත් වැට් බද්දෙන් දුරකතන, අන්තර්ජාල බද්ද නහුතෙට නගී..
September 15, 2016 at 11:29 pm | lanka C news
කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද වැට් බද්ද 15%ක් දක්වා ඉහල නැංවීමේ නව යෝජනාව අනුව තොග සහ සිල්ලර වෙලදාමේදී මුලින් පනවා තිබූ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 12 සීමාව මිලියන 50 දක්වා ඉහල දමා තිබේ.
පුද්ගලික අංශයෙන් සිදු කරනු ලබන රෝග පරීක්ෂා, වෛද්‍ය උපදේශක සේවා, බාහිර රෝගී සේවා වැට් බද්දෙන් නිදහස් වෙයි. දුම්කොල නිෂ්පාදන, විදුලි සංදේශ සේවා, සීනි හෝ පැණි රස කාරක එකතු කළ කිරි පිටි සදහා වැට් බද්ද ඇතුලත්ය.
ඒ අනුව දුරකතන හා අන්තර්ජාල සේවා සදහා මෙතෙක් අය නොවු වැට් බද්ද 15%ක් අලූතෙන්ම එක් වන අතර එහිදී පාරිභෝගිකයිනට දැනට පවතින බදුද සමග 46%ක පමණ බද්දක් පැනවෙනු ඇත.