අලූත් සන්ධානයේ ලකුණු පොහොට්ටුවයි..- මහින්දානන්ද සහතික කරයි..

November 13, 2018 at 11:20 am | lanka C news
අලූත් සන්ධානයේ ලකුණු පොහොට්ටුවයි..- මහින්දානන්ද සහතික කරයි..

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සදහා තරග වැදීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු පක්‍ෂ ගණනාවක් එක්ව පිහිටුවන නව සන්ධානයේ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

එම නව සන්ධානයේ නම බොහෝ විට ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ විය හැකි බවත් ලකුණ ‘පොහොට්ටුව’ වීමේ වැඩිම ඉඩක් ඇති බවත් ඒ මහතා සදහන් කරයි.

හිටපු මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ දේශපාලන සංවාදය සමගින් එක්වෙමිනි.

28,214 Viewers

8 Comments to “අලූත් සන්ධානයේ ලකුණු පොහොට්ටුවයි..- මහින්දානන්ද සහතික කරයි..”

  1. kamal says:

    කමල්ගෙ ලකුණ වන නෙලුම් පොහොට්ටුව ගන්න කියා මම කියනවා
    මහින්ද හින්දා ජන්ද 4712631 ක්ද මෛත්‍රිගෙ වෙනස නිසා ඡන්ද 3161000 ක්ද එකතු වේ නමුත් මම කියන්නෙ මගේ ලකුණ ගන්න කියා මිට කමල්

    • kamal says:

      අනුකම්පාවෙන් එක උදව්වක් පමණක් කරන්නම්
      ඔබලා රහතන් වහන්සේගෙ මනුස්‍යත්වය දන්නවා එය මා සමග සම්බන්ධ වෙන්නෙ කොහොමද කියා දන්නෙ නැ නේද. එය මම කියන්නම්. ඒ කියන්නෙ රහතන් වහන්සේ මගේ මනසට අරෝපණය වෙනවා එතකොට ක්‍රියාකරන්නෙ රහතන් වහන්සේගෙ සිත නමුත් මගේ සිතත් ක්‍රියාත්මකයි. නමුත් කපටි නැ. කපටි උනොත් ගැටිමක් වෙනවා. එතකොට රහතන් වහන්සේගෙ සිත අල්ලන්න බැ. නැත්තම් කපටි වුනොත් තමාගෙ මනෝ විකාරයක් කියවෙනවා. නමුත් මම දන්නෙ නැ කමල් මානසික රෝගියෙක් කියා මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි.

  2. Nim says:

    ” HAPPY NEWS ”
    GOOD LUCK
    MAGE RATATA THERUWAN SARANI

  3. Love nature says:

    නෙලුම් පොහොට්ටුව

    අප දකින දහසකුත් මල් අතුරින් සුන්දරත්වයේ මෙන්ම පාරිශුද්ධත්වයේත්, උත්තරීතරභාවයේත් සංකේතය වන්නේ නෙළුම් මල ගොහොරු මඩෙහි ඉපිද, ඉන් මිදී ඉහල නැග මුලු ලොවම සුවඳවත් කරවන මෙම පුෂ්පයට බුදු සිරිතෙහි, බුදුදහමෙහි හා බොදු කලාශිල්පයන්හිදීද හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. අනුරපුර සමයේ නිමැවුනු සඳකඩ පහනටත්, පුන්කලසටත් පොළොන්නරුවේ ගලින් නිමැවුනු නෙළුම් පොකුණට සේම නිශ්ශංක ලතා මණ්ඩපයේ ගල් කුලුණුවලටත් නෙළුම් මලේ හැඩරුව එක්වුනේ, එදා සිටම එය අපේ හදවතට සමීපවූ බැවිනි.
    අපේ රටේ පමණක් නොව ඉන්දියාව, නේපාලය,චීනය, කාම්බෝජය, වියැට්නාමය ආදී රටවල බුදුරුවක් නෙලා ඇතිනම් ඒ බොහෝවිට නෙළුම් මලක් හෝ නෙළුම් පෙති පාදම කොට ගෙනය. හෙල බොදුනුවන්ගේ මුදුන් මල්කඩවූ ශ්රී දළදා වහන්සේ වැඩහිඳුනුයේද රන් නෙළුමක් මතය.

  4. Love nature says:

    රටට ගමට ජාතියටත් ගරු කොට
    පණට කයට අප සැම උදව්වට
    නිවට නොවී හොද කල් ගත කෙරුවට
    වෙළට බහිමු අපි ගොයම නෙලන්නට
    බොහොම ගන්ට නම් ගොයමෙන් අස්වනු
    බොහොම හොදට නෙළුමත් ඕනෑ වෙනු
    කොහොම කළත් බෑ නොහෙලා දැනගනු
    නෙළුම තමයි අපේ පුරුදුම කහවනු

  5. Saradiel says:

    බුදුන් වහන්සේ බද්ධ පර්යංකයෙන් නෙළුම් මලක් මත (පද්මාසන) අසුන් ගන්නේ මනස සහ ශරීරය ශාන්ත ලෙස තබා ගනිමිනි. නෙළුම් මලේ ඇති චාම් බව මෙන්ම ශ්‍රේෂ්ඨ බව මෙමඟින් ද සංකේතවත් කෙරේ.

  6. Love nature says:

    සශ්‍රීකත්වය, කීර්තිය, දැනුම, පවිත්‍රත්වය, අහිංසක බව, රූමත්කම, සරල බව ආදිය සංකේතවත් කිරීමට නෙළුම් මල, අනාදිමත් කාලයක සිට යොදාගෙන ඇති බව හෙළිදරව් වේ.

  7. Kadiya says:

    2018 වසර ආරම්භයේ පටන්ම මේ රටේ වඩාත්ම ආකර්ෂණීය සන්නාමය පොදුජන එක්සත් පෙරමුණේ පොහොට්ටුව ලකුණයි. මල් පොහොට්ටු කොතරම් තිබුනත් එහි ඉහලම පිහිටනුයේ නෙලුම් පොහොට්ටුවයි. එය ජරාවට ගෙනගිය ශ්‍රී ලංකාව ආපසු සමුර්ධිමත් කරනු ඇත. අමතක නොකරන්න මේ නෙලුම් පොහොට්ටුව නැඟීඅවේ UNP, JVP, NGO, බෙදුම්වාදීන්වි, දෙස් බලවේග වලින් සමන්විත බොරු ප්‍රචාර වලින් අපිරිසිදු වූ ජරා යමපාලනය දෙබෑ කරගෙන කියන එක.

Main News