අලූත් සන්ධාන ආණ්ඩුවට 120ක් තියෙනවා..- ජනාධිපති

February 18, 2018 at 11:20 am | lanka C news
අලූත් සන්ධාන ආණ්ඩුවට 120ක් තියෙනවා..- ජනාධිපති

අලූතින් පිහිටුවීමට සූදානමින් සිටින එක්සත් ජනතා නිදහස් සන්දාන ආණ්ඩුවට ඒකාබද්ද විපක්‍ෂය ඇතුළු මන්ත‍්‍රීන් 120 දෙනෙකුගේ සහාය තමනට ලැබෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

පෙරේදා දිනයේදී ඒකාබද්ද විපක්‍ෂයේ නියෝජිතයන් ජනාධිපති මන්දරියේදී මුණු ගැසුනු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇතැයි සති අන්ත ‘රිවිර’ පුවත්පත වාර්තා කරයි.

නිමල් සරිපාලද සිල්වා මහතා අගමැති කිරීමට එහිදී යෝජනා වී තිබූ අතර ඒකාබද්ද විපක්‍ෂය නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් බා රගැනීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

35 views

25 Comments to “අලූත් සන්ධාන ආණ්ඩුවට 120ක් තියෙනවා..- ජනාධිපති”

  1. Nandasoma Suriyaarachchi says:

    අද ජනතාවගේ ආදායමෙන් සියයට හතළිහක් ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ. බදු ගෙව්වට ගමක් නැහැ පාරක්වත් හදනවා නම්. ඒකත් නැහැනේ. බදු විතරයි වැඩ නැහැ. ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙච්ච රටක් තමයි අද මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ. වෙනසකට මුලපිරුවා කියලා මේ විනාශ කළේ ඒ වගේ රටක්. ඒ රට බේරා ගැනීමේ වගකීම අපි සතුයි.

    තනතුරු ගත්තොත් මීලඟ මැතිවරණයේදී රජයේ සියලුම වැරදි ඒකාබද්ධය පිට පැටවෙනු නියතයි…..

    ඒ නිසා තනතුරු භාර නොගෙන, පවතින අස්ථාවර බවින් සහ යූ ඇන් පී දුර්දාන්ත පාලනයෙන් රට බේරා ගැනීමට පමණක් ජනාධිපතිට සහාය දුන්නාට කමක් නැත….

  2. Nandasoma Suriyaarachchi says:

    මේක හොඳ අවස්ථාවක්, රටට අහිතකර බලවේග අයින් කරල, යහපත් දේවල් පමණක් ඉදිරියට ගෙන යන්න….

  3. David Milli-banda says:

    Meka awul Jalayak………………….

    Maha Jana chandaka ta tallu karagena giyoth honda.

    Methana ta katuwa gahanne Kudu Dumindaya thama.

    China eka Sira ge kondata mukkuwak gahala temporary repair wedak karala wage.

  4. Dimuthu Darshana says:

    මේ අවුරුදු දෙක හමාර මෙහෙමම කරන්න දුන්නනම් 2020 බලන්න පුළුවන් දුමින්ද ඇතුළු දේශපාලන සරණාගතයෝන්ගේ නාටක

Main News