අලූත් සැසිය අද උත්සව ශ‍්‍රීයෙන් ඇරඹේ… පාර්ලිමේන්තුවේ පෙරලි රැසක්..

May 8, 2018 at 8:40 am | lanka C news
අලූත් සැසිය අද උත්සව ශ‍්‍රීයෙන් ඇරඹේ… පාර්ලිමේන්තුවේ පෙරලි රැසක්..

ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයකින් සභා වාරය අවසන් කරන ලද පාර්ලිමේන්තුවේ නව සැසි වාරය අද දදියේ ආරම්භ වෙයි.

අද පස්වරු 02.15ට නව සැසිවාරය උත්සව ශ‍්‍රීයෙන් ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

පොලිස් අශ්වාරෝහක කණ්ඩායම් සමගින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන අතර අගමැතිවරයාද පොලිස් රථ පිරිවරා පැමිණීමට නියමිතය.

ඉන් පසු ආචාර මෙඩි මුර 21ක් පැවැත්වීමෙන් පසු නව සැසිවාරය ආරම්භ වෙයි.

අද පාර්ලිමේන්තු සැසිවාරය සාමාන්‍ය ජනතාවට හෝ පාසැල් සිසුනට විවෘත නොවෙයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනා අද දිනයේ විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත අතර එම කණ්ඩායමේ එක් අයෙකු විසින් පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමටද නියමිතය.

30 views

3 Comments to “අලූත් සැසිය අද උත්සව ශ‍්‍රීයෙන් ඇරඹේ… පාර්ලිමේන්තුවේ පෙරලි රැසක්..”

  1. nimal says:

    Who cares? No one will be effected, Govt will proceed smoothly. Only Hiwal & Gonmpa Co will be effected as they are about to go to Welikada.

  2. Sanjay g says:

    No more 2/3 rd for Yamapalanaya = till next Budget comes , no 💰 money for new Minitries too 🌷

  3. AluthKade Saita says:

    බදු ගෙව්වාට ඔබට ස්තූතියි.

Main News