අල ගොවියා අනාතයි.. කිලෝව 50ට වැටේ.. 30 තෙක් වැටෙතැයි ආරංචි..

March 8, 2019 at 2:05 am | lanka C news
අල ගොවියා අනාතයි.. කිලෝව 50ට වැටේ.. 30 තෙක් වැටෙතැයි ආරංචි..

යාපනයේ පොන්නාලේ හා කඩ්ඩුවාන් යන පළාත් වල ගොවීන් විසින් වගා කළ අර්තාපල් වගාවල අස්වැන්න නෙලීම මේ දින වල සිදු කලද අර්තාපල් සඳහා සහනදායි මිලක් නොමැති වීමත් ආනයනික අර්තාපල් හේතුවෙන් ගැටලු රැසක් ඇති වීම හේතුවෙන් යාපනයේ ගොවීන් පීඩාවට පත්ව සිටිති.

පසුගියදා අර්තාපල් නෙලීමේ මංගල අවස්ථාවට හිටපු කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අන්ගජන් රාමනාදන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී අවස්ථාවේදී යාපනයේ අර්තාපල් වගා කරණ ගොවීන් කියා සිටියේ මෙවරද යාපාන්යේ අර්තාපල් අස්වැන්න නෙලීම ආරම්භ වීමත් සමගම  අර්තාපල් මිලදී ගැනීමේ මිල ඉතා සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින  බවයි.

පෙබරවාරී මාසයේ අවසන් සති වලදී අර්තාපල් කිලෝවක් රුපියක් හැටක තොග මිලකට පැවතියද එම මිල මේ වන විට රුපියල් පණහ දක්වා පහත වැටී ඇති බවත් ඉදිරි කාලයේදී යාපාන්යේ අර්තාපල් අස්වැන්න නෙලීම වැඩි වන විට කිලෝවක් රුපියල් 30 ක් දක්වා පහත වැටෙන තත්වයක් පවතින බවටය.

මේ අවස්ථාවේදී ගොවීන්ට අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා කීයා සිටියේ දැනටමත් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හරහා මේ පිළිබදව ජනාධිපතිවරයාටත් කෘෂිකර්ම අමාත්‍යවරයාටත් වෙළෙද අමාත්‍යවරයාටත් කරුණු ඉදිරිපත් කොට ඇති බැවින් මෙවර අර්තාපල් වගා කළ යාපනයේ ගොවීන්ට අසාධාරණයක් නොවෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවටය.

එමෙන්ම යාපනයේ අල වගා කරන්නන්ගේ සංගමයේ උප සභාපති  එස්.චන්ද්‍රසේකරන් මහතා සදහන් කළේ රජය අර්තාපල් ආනයනික බද්ද වැඩි කළද යාපනයේ අල ගොවීන්ගේ ප්‍රශ්නයට විසදුමක් නොලැබෙන බවයි.

අල ගොවීන්ගේ සංගම් රජය සමග සාකච්ඡා කළ අවස්ථාවේදී රටේ අර්තාපල් අල අවශ්‍යතාවය නුවරළියේ හා යාපනයේ ගොවීන්ට ලබා දිය හැකි බැවින් අර්තාපල් ආනයනය සීමා කරණ ලෙසා රජයෙන් ඉල්ලා සිටියද එම ඉල්ලීමටද සහනයක් නොලැබුණු බවද ඔහු කියා  සිටියේය.

රටේ අර්තාපල් අවශ්‍යතාවය නිවැරදිව ගණන් බලා ඒ ප්‍රමාණය නිපදවීමේ වගකීම යාපනයට හා දිවයිනේ අල වගා කරණ සෙසු පළාත් වලට ලබා දෙන මෙන් යාපාන්යේ අල ගොවීන්   සෑම රජයකින්ම ඉල්ලීම් කොට ඇතත් කිසිවකු ඊට මැදිහත් නොවූ නිසා අල වගා කරණ ගොවීන් දැඩි අසාධාරණයකට ලක් වන බව යාපනයේ අල වගා කරන්නන්ගේ  සංගමය කියා සිටියි.

මේ අවිධිමත් තත්ත්වය නිසා රටේ විශාල මුදලක් අල ආනයනය කිරීම සදහා  නිකරුණේ වැය වන බවද දඹුල්ල ඇතුළු තවත් පළාත් කීපයක ගොවීන්ද මෙම අර්තාපල් වගාවට යොමු වී සිටි බව පවසන යාපනයේ අල ගොවීන් කියා සිටියේ අලෙවි කිරීමට නිසි පහසුකම් නොමැති නිසා එම පළාත් වල අල ගොවීන් එම වගාව අතහැර දමා ඇති බවයි.

සාධාරණ මිලකට අල අලෙවි කරගැනීමට නොහැකි නිස යාපනයේ ගොවීන්ද අල වෙණුවට රතුලූණු වගාවට යොමුව ඇති බැවින් මේ සඳහා විධිමත් විසඳුමක් ලබා දෙන මෙන් යාපනයේ අල ගොවීන් වැඩිදුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,119 Viewers

One Comment to “අල ගොවියා අනාතයි.. කිලෝව 50ට වැටේ.. 30 තෙක් වැටෙතැයි ආරංචි..”

  1. ajith says:

    Monawa? SATHOSE Eeye Arthapal Kilowak Rs. 120/- yi. Ekath Rata ewa. Lankawe Arthapal kohomath mila wadine. Ewannako Sathosata . Thuttu dekata denne mokatada?

Main News