අද ලංකාවම වැඩිපුරම නින්දා අපහාස කරන්නේ මටයි.. එදා බුද්න් වහන්සේටත් එහෙමයි..- ජනාධිපති
August 17, 2017 at 10:40 am | lanka C news
අද වන විට ශ්රී ලංකාව තුල වැඩිපුරම නින්දා අපහාස විදින්නේ තමන් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පන්නිපිටිය ශ්රී ධර්ම විජයාලෝක විහාරස්ථානයේ පැවති උත්සව සභාවක් අමතමිනි.
අද අන්තර්ජාලය වැඩිපුරම භාවිතා කරන්නේ ජීවත්ව සිටින පුද්ගලයන්ට නින්දා අපහාස කිරීමට බවත් ඔහු කියා සිටියේය.
කොතරම් නින්දා අපහාස කලද තමන් කලබල නොවන බවත් ලෝකයේ වැඩපුරම නින්දා අපහාස වින්දේ බුදුන් වහන්සේ බවත් ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.