අවජාතකයි කියන 20 කෙටුම්පත් කල අය මෙන්න…

September 16, 2020 at 10:43 am | lanka C news
අවජාතකයි කියන 20 කෙටුම්පත් කල අය මෙන්න…

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එජාපය, ජවිපෙ, ටී.එන්.ඒ, දෙමළ ඩයස්පෝරාව, මුස්ලිම් අන්තවාදී පියවරුන් සිටිය ද 20 වන සංශෝධනයට එවැනී පියවරුන් නොමැති බවත් 20 වන සංශෝධනය නීති කෙටුම්පත් අංශය විසින් කෙටුම්පත් කරන ලද්දක් බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනතාව ලබාදුන් ජන වරමට අනුව 20 වන සංශෝධනය ගෙන ආවේ රටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය මුලීක පදනම සකස් කර ගැනීමේ අරමුණින් බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා 20 වන සංශෝධනය කඩිනමින් සම්මත කරගෙන හැකි ඉක්මණින් රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම රජයේ අරමුණ බවද අවධාරණය කරයි.

ඊයේ (15) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති ගම්පහ දිස්ත්‍රික් කමිටුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ඇමතිවරයා මෙහි දී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“විපක්ෂය 20 වන සංශෝධනය පිළිබද ව ජනතාව අතර බොරු බිල්ලක් මවන්න හදනවා. 20 වන සංශෝධනයේ කිසියම් අඩුපාඩුවක් තියෙනවානම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අගමැතිතුමා කමිටුවකුත් පත් කරලා තියෙනවා. ඒ නිසා විපක්ෂය 20 සම්බන්ධයෙන් මතු කරන්නේ බොරු බියක්. සාමාන්‍ය ක්‍රමවේදය තමයි මේ වගේ ව්‍යවස්ථා සංශෝධනය වගේ දේවල් හදන්නේ නීති කෙටුම්පත් අංශ මගින් මෙවැනි කෙටුම්පතක් හදලා ඒ කෙටුම්පත නීතිපති දෙපාර්තුමේන්තුවට හා අධිකරණ අමාත්‍යාංශයට පිටපත් යවනවා. ජනමත විචාරණයකට යා යුතු ද නැතිනම් තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරන්න පුළුවන් ද කියලා නීතිපතිවරයා සහතික කළාම තමයි මෙවැනි කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙන්නේ.

මේ ක්‍රමවේදය නෙමෙයි පහුගිය යහපාලනය අනුගමනය කළේ. 19 ව්‍යවස්ථාව හැදුවේ අලි, කොටි, නරි හවුල. ඒ කියන්නේ එජාපය, ටී.එන්.ඒ එක, ජවිපෙ, දෙමළ ඩයස්පෝරාව, එන්.ජී.ඕ නඩය, සුමන්දිරම්ලා වගේ අය තමයි 19 අප්පොච්චිලා වුණේ. ඔවුන්ට ඕන වුණේ රාජපක්ෂවරු දේශපාලනයෙන් අතු ගාලා දාන්න. 19 ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ තනිකරම රාජපක්ෂවරු ඉලක්ක කර ගත්ත ව්‍යවස්ථා සංශෝධනයක්. 19 ගෙනාපු ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන ද? 19 සංශෝධනයේ ඇමති මණ්ඩලය 30 ට සීමා කළාට යහපාලනය ජනතාවට කොළේ වහලා ඇමති මණ්ඩලය වැඩි කළේ නැද්ද? 19 නිසා ජනාධිපති, අගමැතියි දෙපැත්තට රට ඇද්දේ නැද්ද?  ඒ සංශෝධනය ගෙනාපු අයත් කිව්වා ඒක අහෝසි කරන්න ඕනෙ කියලා.

අපේ ආණ්ඩුවේ ඉන්න ඇතැම් දේශපාලන පක්ෂ නියෝජිතයනුත් 20 වෙනි සංශෝධනයේ ඇතැම් කරුණු වෙනස් කරන්න යෝජනා කරනවා. ඒක ඔවුන්ගේ අයිතිය. අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පක්ෂයක්. ආණ්ඩුවක්. ඒ නිසා තමයි අගමැතිතුමා කමිටුවත් දැම්මේ. 19 ගෙනල්ලා මේ රට විනාශයට ගෙන ගිය අය අද 19 වෙනුවෙන් පෙනී සිටිනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් කදුළු හලන්නේ ඊට මුවාවෙලා මේ රට විනාශ කළ අයයි. ඔවුන්ගේ බොරු වලට නැවත මේ රටේ ජනතාව රවටන්න බෑ.

20 වන සංශෝධනය හරහා ජනාධිපතිතුමා තමන්ගේ ධුරකාලය දීර්ඝ කර ගත්තේ නෑ. දෙපාරකට වඩා ඉල්ලන්න බෑ කියන වගන්තිය වෙනස් කළේ නෑ. ගෝඨාභය – මහින්ද සුසංයෝගය කියන්නේ මේ රට ගොඩ නගපු සුසංයෝගය. මොන තරම් බලතල තිබුණත් ඔවුන් කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය අබමල් රේණුවකින් හෝ පළුදු නොකරන බව ජනතාව දන්නවා.  ඒ ගැන අපිට සහතික විය හැකියි. ඒ නිසා යහපාලන නඩයේ බොරු වලට රැවටෙන්න එපා යැයි අපි ජනාතවගෙන් ඉල්ලනවා. “

– ප්‍රදීප් අනුර කුමාර

86,332 views

7 Comments to “අවජාතකයි කියන 20 කෙටුම්පත් කල අය මෙන්න…”

  1. සිංහල බන්ඩා says:

    ප්‍රසන්න හරි, 19 අහෝසිකල යුතුමය්. නමුත් 19යෙ සියලු හොඳ වගන්ති 20 ට ඇතුලත් කල යුතුය්. ජනාධිපති ගෙ බලය අගමැතිට සහ එන්ජීඕ කාරයින්ට පැවරීම වසර 4 1/2 ක් පාර්ලිමේන්තුව විසුරවන්න බැරි කිරීම ද්විත්ත පුරවැසියන් මංත්‍රී වීම වැන්න හොඳ වගන්ති නොවේ.

    • ඇම්ඩා says:

      ඔය කියන වසර 4 1/2 තියෙන්නෙ 70වන ව්‍යවස්ථාවෙ. 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න 2/3 සහ ජනමතවිචාරණයක් යන දෙකම ඕනෑ කියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7ක් කියා ඇති බව කළ්‍යානන්ද නීති විශාරද දන්නෙ නැත්තේ ඇයි?

  2. kamal says:

    I will introduce six laws for internationally valid until break by Mara or sathan. 1. right of speech 2 right of oral or verbal impression 3 right of act without harming five precepts of buddhist or paramount practice of the universe 4 right of honest or cunning appearing without breaking five precepts 5 right of cunning belief or true belief or dhamma belief of Buddhas discourses. 6 cunning appearance of me or my teacher or any one on their belief without breaking five precepts.

  3. yuwan says:

    විපක්ෂයෙ බොරුවලට අපි අහුවෙන්නෙ නෑ. අපි හමදාමත් ඔබ්තුම සමගයි.

  4. රටේ එකෙක් says:

    මට තියෙන ප්‍රශ්නේ 19ට මෙතුමල අත්සන් කලේ ඒක හොදයි නමුත් ඉක්මනින්ම ඊට අදාල සාමන්‍ය වෙනස් වීම් එක්ක 19 ට අදාල ඉතිරි ටික යහපාලනයෙන් ගේනව කිව්ව නිසානේ. ඉතින් ඒ ඉතිරි සන්ශෝදන ටික ගෙනාවනම් එදා එයාල අත උස්සපු 19 න් එදා බලාපොරොත්තු උන දේ ලැබෙනව. ඇයි ඒක නොකර ආයෙත් නරකයි කියල දන්න 18 ට ආයෙත් එන්නෙ. අනිත් එක යහපාලනය කිව්ව වගේ මෙයාලත් අලුත් ව්‍යවස්තාවක් ගේන්නෙ නැතුව මෙතනින් නැවතුනොත් රටට ආයෙත් කෙලවෙනව නේද.

  5. Saradiel says:

    යු එන් පි / ජන බලය / ජේ වී පි යන පක්ෂ කලු සුද්දෝ මුන් රටට ජාතියට ආදරයක් නැහැ

Leave a Comment

Main News