අවදානමට බිය නම් ඉදිරියට යාමක් නෑ…
March 7, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශ විනිමය ලබා ගැනීමේ අර්බුදයකට රට මුහුණ පා ඇති මොහොතක තරුණ පරපුරේ විරැකියාවට විසඳුම් ලබා දෙමින් විදේශ විනිමය උපදවාලිය හැකි කර්මාන්තකරුවා මිල කළ නොහැකි සම්පතක් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.
මොනරාගල ඩීඒජී ඇපරල් ඇඟලුම් කර්මාන්ත ශාලාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
“දේශීය ව්‍යවසායකයා අභියෝග, අවදානම භාර ගත හැකි අයෙක් විය යුතුයි. අභියෝගවලට, අවදානමට බිය නම් කිසිම අයකුට ව්‍යාපාරිකයකු, ව්‍යවසායකයකු ලෙස ඉදිරියට යාමට ලැබෙන්නේ නැහැ. කෝවිඩ් වසංගතයත් සමග අපේ රටේ අපනයනය ඉලක්ක කරගත් නිමි ඇඳුම් කර්මාන්තය සැලකිය යුතු දුෂ්කර අභියෝග රැසකට මුහුණ දී තිබෙනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ අපේ නිමි ඇඳුම් නිෂ්පාදකයන් හිමිකරගෙන සිටි අවස්ථාවන් යම් පමණකට අඩු වෙමින් තිබෙනවා. එසේ තිබියදී ඒ අවදානමට බිය නොවී, ඒ පිළිබඳව නිවැරදිව වටහා ගෙන අද ඩීඒජී ඇපරල් ආයතනය මෙරට ව්‍යවසායකයාට ආදර්ශයක් ලබාදී තිබෙනවා ‘ජාත්‍යන්තර වෙළෙඳපොළ, තුළින් මතුවන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට ශ්‍රී ලාංකික ව්‍යවසායකයාට හැකියි’ කියා.
මොනරාගල ප්‍රදේශයේ මෙවැනි ඇගළුම් කර්මාන්ත ශාලාවක් විවෘත කිරීම මගින් සෘජු රැකියා අවස්ථාවන් 600ක් ලැබෙනවා වගේම පවුල් ඒකක 2100කට ඉන් ප්රතිලාභ අත්වෙනවා. මෙවැනි කර්මාන්ත ගමට පැමිණීම තුළින් තමයි අපට තරුණ දරුවන්ගේ විරැකියාවට විසඳුමක් ලබාදීමට හැකියාව ලැබෙන්නේ. මේ රටේ ඉපදෙන සෑම දරුවෙකුටම රජයේ රැකියාවක් ලබා ගැනීම අභියෝගයක්. බොහෝ දෙනෙකු රජයේ රැකියා අපේක්ෂා කළත් ඒ සියලුදෙනාගේම අපේක්ෂා සඵල කිරීමට හැකියාවක් නැහැ. වෙනත් රටවල ශ්‍රම සම්පතට සාපේක්ෂව අපේ රටේ ශ්‍රම සම්පත නිපුණතාවෙන් ඉහළ නිසා තමයි අපේ නිමි ඇඳුම් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් තිබෙන්නේ. ඒ නිපුණතාවයෙන් යුත් තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවන් උදා වන්නේ මෙවැනි කර්මාන්ත ගමට පැමිණීමෙන්. එම අවස්ථාව උදා කිරීමට මූලික වූ ඩීඒජී ඇපරල් ආයතනයට අපේ ස්තූතිය පළකර සිටිනවා.
අද අපි විදේශ විනිමය ලබා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටිනවා. අපේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙමින් පැවති විදේශ විනිමය ප්‍රමාණය යම් ප්‍රමාණයකට අඩු වී තිබෙනවා. සංචාරක ව්‍යාපාරය මගින් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ද සාපේක්ෂව අඩුයි. එවැනි තත්වයක් යටතේ මේ රටට විදේශ විනිමය ඇද්දවිය හැකි කර්මාන්තකරුවා කියන්නේ මිල කළ නොහැකි සම්පතක්. මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමත් සමගම අපේ රටට වසරකට රුපියල් බිලියන 3.5ක සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ලැබීමට නියමිතයි. ඩීඒජී ඇපරල් ආයතනය ආදර්ශයට ගෙන මේ රටේ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රවර්ධනයට කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ රටේ නිපුණතාවයෙන් යුත් ශ්‍රම සම්පතට සාධාරණ වැටුපක් ගෙවමින් අපනයන වෙළෙඳපොළ ජය ගත හැකි නිෂ්පාදන නිපදවීමට ඉදිරිපත් වන ලෙස මෙරට කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් වෙතින් ඉල්ලා සිටිනවා.”
මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍යවරු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන කුමාරසිරි රත්නායක, සුමේධා ජී ජයසේන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර, ඩීඒජී ඇපරල් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ගාමිණී කීර්තිරත්න, දිනුක ශ්‍රීමාල් ඇතුළු එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ද එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය
ඉන්දියාව විසාල දියුණුවක් ලැබුවේ Made in India යන සංකල්පය අනුවයි.
අළුත්ම සන්ධානය තමා නානා-සාර,හයිනා විමලේ සහ හමුදාකාරයෙක් එකතු වෙලා අටවගන්න යන ජාතිය ගලවා ගැනීමේ “හයිනා සන්ධානය”.අරමුණ පාස්කු ප්‍රහාරයේ දඩයම කරේ තියාගෙන යන කෙනාගෙන් හයිනා ක්‍රමයට දඩයම පැහැර ගැනීම.මේ හයිනා සන්ධානයට සැලකියයුතු හයිනාවන් පිරිසක් එකකු කර ගැනීමට අපොහොසත් වීමත්..වඳ කොත්තු අන්තිමට තමන්ටම කැවී,වඳ ජංගිය තමන්ගේම ඔළුවට වැටී තිබෙන පසුබිමකත් හයිනා සන්ධනය ලත් තැනම ලොප් වනු ඇත.
මේ කහකඩ,හොරිකඩ,මලකඩ යෝජිත සන්ධානයේ බළලා ලබන සතියේ තුන් මුල්ලෙන් එලියට පැනීමට නියමිතය
කවුද බොලේ මේ කුලප්පු වෙච්ච හොරිකඩයා? තවත් කඳන් පණුවෙක් වගෙයි.
හොරිකඩයා කීයටවත් ආණ්ඩුවෙන් යන්නෙත් නෑ,පොහොට්ටුවෙන් යන්නෙත් නෑ බැසිල් පයින් ගහලා එලෙව්වොත් මිසක්.
හොරිකඩයා බලන්නේ කහකඩයෝ ටිකකුයි පරණ පිත්තලබොත්තම් මළකඩයෝ ටිකකුයි එකතු කරගෙන නැති සිංහල බෞද්ධ බලයක් මවාපාලා පොහොට්ටුව ඇතුලේ බාගේන් කරන්නයි.
ඔයා ඔවා නවත්තලා …… උන්නාන්සේ නටන නාඩගම නවත්තන්න හැකි ඉක්මනින් , දැන් මුන් රගන්නේ බොම්බ කැවේ පොහොට්ටුවෙන් වගේනේ, පවතින රජය ජනතා අපඅප්රසාදයට ලක්කරන ලොකු කුමන්ත්‍රණයක් වගේ මට නන් පෙන්නේ. ඉක්මන් නොකරොත් මෙ රජයට වරද පටවයි.
ලංකාව විසාල දියුණුවක අගාදයක් වුනේ ” මේඩ් ඉන් සිංග්ලිෂ් ” යන වෙලඳ දැන්වීම් සංකල්පය අනුවයි.
කඩ්ඩෙන් දාපු බටර් ඇඩ් දැලිපිහියෙන් කාලා..!
පසුගියදා දේශීය නිශ්පාදනයක් ලෙස එලියට එනවා කියල ප්‍රචාරය කරපු කුරුදු දුම්වැටියට මුදල් අමාත්‍යාංශයේම ආයතනයක් වලකපනවා කියා ප්‍රවෘත්තියක් පලවුනා. මෙවැනි අපත කාලකණ්ණි රාජ්‍යතන්ත්‍රයෙන් එලියට ඇදල දමන්නත්, දේශීය නිෂ්පාදන වලට ආරක්ශාව ලබාදෙන්න ආන්ඩුව ක්‍රියාත්මක වෙන්න ඕනෑ.
Tyre walata bayanam JVP weene naha