අවදානම් කලාප නොවන දිස්ත‍්‍රික්කවල රාත‍්‍රි ඇදිරි නීතියද ඉවත් කිරීමට සූදානම්.. කොරෝනා මතුවුනොත් ප‍්‍රදේශය වසා දමයි..

May 10, 2020 at 3:00 pm | lanka C news
අවදානම් කලාප නොවන දිස්ත‍්‍රික්කවල රාත‍්‍රි ඇදිරි නීතියද ඉවත් කිරීමට සූදානම්.. කොරෝනා මතුවුනොත් ප‍්‍රදේශය වසා දමයි..

හෙට සිට සාමාන්‍ය ජන ජීවිතය සඳහා රට යම් ප්‍රමාණයකට විවෘත කිරීමෙන් පසු නැවතත් කොරෝනා ආසාදිතයන් හමුවුනහොත් එම ප්‍රදේශය පමණක් වසා දැමීමට රජයේ අවධානය යොමු වී තිබේ.

මාස එකහමාරකට පමණ පසු හෙට දිනයේ බස්නාහිර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලද සීමාවන්ද ලිහිල් කිරීමට නියමිතව ඇත.

එසේ සීමා ලිහිල් කර පසු කොරෝනා ආසාදිතයන් හමුවුනොත් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම ප්‍රදේශයෙන් පමණක් තාවකාලිකව වසා දමා රෝගීන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

එමෙන්ම අවදානම් දිස්ත්‍රික්කයන්හි හැර සෙසු දිස්ත්‍රික්කවල රාත්‍රී කාලයේ දීද ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත.

104 views

5 Comments to “අවදානම් කලාප නොවන දිස්ත‍්‍රික්කවල රාත‍්‍රි ඇදිරි නීතියද ඉවත් කිරීමට සූදානම්.. කොරෝනා මතුවුනොත් ප‍්‍රදේශය වසා දමයි..”

  1. Lolla says:

    පුදුම ඉක්මනට ජන ජීවිතය සාමාන්‍ය වෙනවා… අදහන්නත් බෑ…..
    ඉක්මනටම චන්දේ තියන්න පුළුවන් වෙයි……

  2. ranasinghe says:

    ඉතාම හොද තීරනයක් රජය අපගේ දොස්තරලා මතම නොරැදී යම් තීරනයක් ගන්නකොට ලෝකයේ අනෙකුත් රටවල් ගන්න ක්‍රියා මාර්ග ගැනද විමසිලිමත් වීම වැදගත්ය.

  3. කමල් says:

    ආසාදිතයන් දිස්ත්‍රික්ක අතර පැනලා ගමේ හෝ නගරයේ ඉන්නවා නම් බුද්ධි අංශ වෙත දන්වමු!

    • dan says:

      උබ වගේ සිංහල නම් දාගෙන රට පුරා කොරෝනා බෝ කරන තම්බි හොයන්න ඕන.

Main News