අවදානම ගෙන වූහන් වීර චාරිකාවේ ගිය ශ‍්‍රී ලන්කන් කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ දරුවන් පාසැල්වලින් එලවයි.. කොරෝනා බෝවෙයිලු..

February 2, 2020 at 10:12 pm | lanka C news
අවදානම ගෙන වූහන් වීර චාරිකාවේ ගිය ශ‍්‍රී ලන්කන් කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ දරුවන් පාසැල්වලින් එලවයි.. කොරෝනා බෝවෙයිලු..

නවකොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්තවෙමින් ඇති චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් රැගෙන එන සඳහා අවදානම් සහගත ගුවන් ගමනක නිරත වූවන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට ඒ ගමන හේතුවෙන් දැඩි අර්බුධකාරී තත්ත්වයකට මුහුණ පාන්නට සිදුව තිබේ.

එම කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුගේම දරුවන්ට පාසල් වලට ඇතුළු වීමට විදුහල්පතිවරුන් විසින් අවසර දී නැත. එමෙන්ම දෙමාපියන්ද විරුද්ධ වී තිබේ.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ කොරෝනා ආසාදිත යැයි සැලකෙන පිරිසක් රැගෙන ඒම හේතුවෙන් ඔවුන්ගෙන් තම දරුවන්ට එම වෛරසය ආසාදනය වේ යයි බිය හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල වල මෙන්ම කොළඹ පැවති මාධ්‍ය හමු කිහිපයකදී දැඩි විරෝධය එල්ල විය

මේ අතර එම කාර්ය මණ්ඩලයේ ඇතැමුන්ට කටුනායක ගුවන්තොටුපල ආසන්නයේ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් පහසුකම් දීම ප්‍රතික්ෂේප කර ඇත්තේ කොරෝනා වෛරස් ආසාධිත වී ඇතැයි සැක මතයි.

162 views

27 Comments to “අවදානම ගෙන වූහන් වීර චාරිකාවේ ගිය ශ‍්‍රී ලන්කන් කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ දරුවන් පාසැල්වලින් එලවයි.. කොරෝනා බෝවෙයිලු..”

  1. වැඩිහිටියා says:

    වියයුත්තේ දෙමාපියන්ගේ ක්‍රියාව ගැන ළමයාට ප්‍රසංශා කිරීම නේද ?

  2. kawinda says:

    niyama guruwaru nowana lebal guruhoru panna damav.

  3. Lanka says:

    This is sad & very unfortunate see how people see things differently. Please do something about it immediately. Their children don’t deserve this.

  4. Thruth says:

    Anna Dan kiyanawa …dawas 5k virus ekata elimahane sakriyawa Inna puluwanlu ..Aapu plane eka Dan Quarantine da ..?
    koragatthe Modakamak Wathada ?

  5. HENA says:

    විදුහල්පතිවරුන්ට සමහර අය කියන්ගෙ “පිනා” කියලා. මම හිතන්නෙ අපිට එහෙම රියල්ම පිනාලා ටිකක් දැන් හම්බුණා.

    moda haththa

Main News