අවලාද කොතෙක් ගැහුවත් මියගිය තරුණයාට විමල්ගෙන් අවසන් ගෞරව.. [Photo]

October 30, 2016 at 1:02 am | lanka C news
අවලාද කොතෙක් ගැහුවත් මියගිය තරුණයාට විමල්ගෙන් අවසන් ගෞරව.. [Photo]

ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටියදී හදිසියේ මරණයට පත් වුණු ලහිරු ජනිත් දිසානායක තරුණයාගේ දේහය පිිළිබද අවසන් කටයුතු ඊයේ දිනයේ සිදු විය.

තරුණයාගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට වීරවංශ මහතා සහ එම මහත්මිය සහභාගී වී සිටියහ.

අවමංගල සභාව අමතමින් අදහස් පල කල සියළු දෙනාම පාහේ කියා සිටියේ මෙම මරණය හදිසියේ ඇති වූ මරණයක් මිස ඝාතනයක් යයි කිසිසේත්ම සැක නොකරන බවයි.

මරණය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි මේ වන තෙක් පවුලේ කිසිදු ඥාතියෙකු හෝ හිතවතෙකු පොලීසියට පැමිණිලි කර නැත.

දේහය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්‍ෂනයේදී කියා සිටියේ මෙය හදිසියේ ඇති වූ හෘදයාබාධයක් මත සිදු වූ මරණයක් බවත් ඊට හේතුව කුමක්දැයි වැඩි දුර සොයා බැලීමට රස පරීක්‍ෂක වෙත යොමු කරන බවත්ය. කිසිසේතම ඝාතනයක් නොවන බව එහිදී හෙලිවිය.

67 views
Main News