අවලාද සුන් කරමින් ගෝටා ඉලක්කයට වැඩ.. ඇමරිකා පුරවැසිකම අහෝසියේ මුල් පිටපත් මැතිවරණ කොමිසමට බාර දේ..
August 28, 2019 at 5:30 pm | lanka C news
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ නිල ලේඛනවල මුල් පිටපත් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.
ඒ මහතා සමග ඒ මහතා මෙම ලේඛණ ඉදිරිපත් කර ඇත්තේ ඊයේ දින මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවකදීය.
රාජපක්ෂ මහතා ඊයේ දිනයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සමඟ පැයක පමණ කාලයක් සාකච්ඡා කර ඇත.
ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගැනීමට නොහැකි වී ඇතැයි එල්ලවන චෝදනා හේතුවෙන් මේ සම්බන්ධයෙන් නිල ලේඛන මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර සැබෑ තත්වය පැහැදිලි කරගැනීම මෙම හමුවේ අරමුණ වී ඇත.