අවශ්‍ය තරම් ඉන්ධන තියෙනවා.. මුදල් ගෙවූ නැවක් බාන්න ඉඩ නැතිව බලන් ඉන්නවා..
May 22, 2022 at 6:18 am | lanka C news
අද වන විට රට තුළ උවමනා තරම් පෙට්‍රල් සහ ඩීසල් තොග ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
මේ මොහොත වන විටත් ඩීසල් හා පෙට්‍රල් ගොඩබාමින් ඇති බවත් තවත් මුදල් ගෙවන ලද නැවක් මුහුදේ නවතා ඇති බවත් ඒ ගොඩබාන ඉඩක් නැති නිසා බවත් හෙතෙම පැවසීය.
එනිසා ජනතාව පෙට්‍රල් හෝ ඩීසල් පිළිබඳව කිසිදු බියක් තබාගත යුතු නැතැයිද හෙතෙම කියා සිටියේය.
ඉදිරි දින දහය තුළ තවත් ඉන්ධන නෞකා 3ක් මෙරටට ලැබෙන බවද ඒ මහතා පැවසීය.
බලශක්ති අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.
මේක.ඇත්ත.. හරියට දානුවත් නොකිරීමයි ප්‍රශ්නෙ.
තෙල් බව්සර් වලින් බෙදන්නෙ එක වේගයකින්. බව්සරයක් එනකොට බව්සර් 3කට පෝලිම….
මේක පැහැදිලිව කියල, තෙල් වලින් දෛනික ආදායම ලබන 3wheel, එදිනෙදා රස්සාවට යන bike කාර් වගෙ අත්‍යවශ්‍ය අය හැරෙන්න අනික් අය පොඩ්ඩක් ඉවසල ඉන්න, ඇතිවෙන්න තෙල් තියනව කියන එක මිනිස්සුන්ට පැහැදිලි කර කියන්න…
කබ්රාලයගෙයි ලොකුගේ ගේ
ඉස්කෝලේ ටම තමයි මුත් ගිහින් තියෙන්නේ, එකම ගුරුවරුනේ, අපි තවම පුන්නක්කු කන්නේ නෑ ඕවාට උම්බා කියන්න
යකෝ මුන්ගේ ගෙවල් ගිනි අරගනත් මෙහෙම බොරු කියනවනේ ලැජ්ජයි.
තෙල් නැව් ඕන තරම් තියනවා. සල්ලිත් ගෙව්වා හැබැයි රුපියල් වලින් නිසා එයාලා දෙන්න බෑ කිව්වා. ඉඩ නැති නිසා නෙමෙයි ඩොලර් නෑ. රවට්ටන්න මම කිව්වේ. දැන් ඔය ලමයි ගෙවල් වලට යන්න. රුපියල් ටික මයිනාප්පුට කියලා ඩොලර් වලට convert කරගන්නකන් ඉන්නකො ඉවසලා…