අවසන් දිනයේ 08කට කොරෝනා.. 152ක් රෝහලේ.. 59කට සනීපයි.. අද වාර්තාව මෙන්න..

April 14, 2020 at 1:20 pm | lanka C news
අවසන් දිනයේ 08කට කොරෝනා.. 152ක් රෝහලේ.. 59කට සනීපයි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 වනවිට මෙරට කොරෝනා ආසාදිතයන් 152ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

මෙරටින් මේ වන විට වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණය 218කි.

ඉන් 59 දෙනෙකු සුවපත් වී ඇති අතර 07 දෙනකු මරණයට පත් වී තිබේ.

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ රෝගීන් 08 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර 03 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද දෛනික වාර්තා වල දැක්වේ.

 

326 views

10 Comments to “අවසන් දිනයේ 08කට කොරෝනා.. 152ක් රෝහලේ.. 59කට සනීපයි.. අද වාර්තාව මෙන්න..”

  1. ඇත්ත says:

    මොනවද මේ දාන්නේ..?
    දැන් 100 % ජය අරගෙන තියෙන්නේ..
    යුධ හමුදාපතිතුමන් කිව්වා දැන් 100 % ජයග්‍රහණය කරලා කියලා. මේක මේ ප්‍රභාකරන්ටත් වැඩිය පොඩි වෛරසයක්.

    • Sandun Dhammika says:

      If the patients are found only from quarantined houses, then this count is oky.
      But what is NOT OKY is we don’t know how many patients are there outside in the open community. Intelligent Services have some theory/numbers on them , I would like to know. As well as my right to know the information.
      True I’m not an expert to analyze those numbers, but there are experts in the open community who could analyze them.

      Do intelligent services have a idea/theory about how many patients are in the open community ?

    • ඇත්ත says:

      සැක සහිතය කියලා 142 ක් දීල තියෙන්නෙ එයාල සැක උනාට අනිවාර්යයෙන්ම ටෙස්ට් එක නෙගටිව් වෙන්න ඇති. නැත්නම් ඉතින් ඒ අයත් ටෙස්ට් කරලම සැක සහිතය කියලා ලිස්ට් එකක් නැති වාර්තා දෙන්න පුළුවන් නේ. වෙන කිසිම රටක සැක සහිතය කියලා Official වාර්තාවක් ඉදිරිපත් වන්නේ නෑ නේද..?

      • ඇත්ත says:

        සමහරවිට පොලිසියෙන් අල්ලාගෙන එන අය වෙන්න ඇති. එයාල නේ සැකකාරයෝ කියන්නේ.. 😢

        • Kapila says:

          ඇයි මොකද මේක ජයග්‍රහනය කලා කිව්වම ඒක ටිකක් හරි මදි වගේද? ජයග්‍රහනය හමුදාපති තුමාට විතරක් නෙමෙයි අපි ඔක්කෝටමයි ඒ නිසා කුහක වෙන්න එපා

  2. පිපුන සුදා says:

    දොස්තර මහත්තයෝ මේක කොහොම හරි කරලා පහත් කරගන්න බැරිද ? අඩුම තරමින් මැයි මාසේ මුල දවස් 3 කට වත්. නැත්නම් ඉතින් අපේ මහන්සියයි වියදම් කරපු සල්ලියි ඉතින් වතුරේ තමා. ඇතුලට ගියේ නැත්නම් ඒව හඹුකරගන්නවා බොරු තමා. ඉහි ඉහී…ඊ ඊ

  3. AK47 says:

    අනෙක් රටවල් නියමිත සංඛ්‍යාලේඛන පෙන්නද්දී චීනය නිවැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කලේ නැහැ කියලා චෝදනා එල්ල වෙනවා. චීනයේ කොමියුනිස්ට් පාලනයක් තිබෙන නිසා මාධ්‍යවේදීන්/ තොරතුරු සපයන්නන් මර්ධනය කිරීමේ හැකියාවක් ඔවුන්ට තිබෙනවා.

  4. Tests says:

    දවසකට 400 ක් විතර ටෙස්ට් කරලා තමයි මෙහෙම Positive අය ලැබෙන්නේ.
    දැන් ගොඩක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකර අය රෝගය බෝ කරන බව WHO ලොක්කා කියනවා. ඉතිං අහඹු විදියට සමාජයේ ටෙස්ට් කරන්න ඕනි.
    තව යුද හමුදා සහ වෙනත් ආරක්ෂක අංශ, නිරෝධායන මධ්යස්ථාන සේවය කළ අය රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගය පතුරවන අය විය හැකිය. මන්දයත් ඔව්න් ඉහළ ප්‍රතිශක්තිකරණ ගුණයෙන් යුතු, ශක්තිමත් තරුණ ප්‍රජාව නිසාය. ඔව්න් මෙම රෝගයට ටෙස්ට් කල යුතුය.
    සංවාදයට විවෘතයි.

  5. Weere says:

    මැයි මාසෙ වෙනකම් රෝගින් සංක්‍යාව ප්‍රකාශ කරන්නේ නැතුව හිටියනම් හරි. අපිට ඕන කොහොමහරි මැතිවරණය පවත්වන්න. ජයග්‍රහනය නියතයි.

  6. සරා says:

    මේ සියල්ල හමුවෙන්නේ අටලුගම ජාඇල සුදුවැල්ලෙන් පුත්තලමින් හා අකුරන වැලදුන ‌ෙරෝගින් හා ලගින් ඇසුරුකල ‌ෙරෝගින් අයයි.ඉතින් ‌‌ෙමේ සියල්ල නිරෝධායනයට යටත් අය.ඒ අයගෙන් සමහරවිට 20ක් විතර තව ඉන්න පුළුවන්.නමුත් සමාජයේ හුදකලා ස්ථානවලින් ‌ෙරෝගින් හමු ‌ෙනොවන නිසා ඒක ‌ෙහොද තත්වයක්.