අවසන් දිනය හෙටයි.. අපේක්ෂකත්වය නොදුන්නොත් සජිත් වෙනම පක්ෂයකින් ජනාධිපතිවරණයට..?
September 12, 2019 at 12:02 am | lanka C news
හෙට දින එනම් සැප්තැම්බර් 13 වැනි දිනට පලමු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදුනහොත් වෙනම පක්ෂයකින් තරග කරන බවට එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායම විසින් එජාප නායකත්වයට දන්වා ඇති බවට ඉහල දේශපාලන කවයන්හි සාකච්චාවක් ඇතිව තිබේ.
ඇතැම් එජාප පාර්ලිමේන්තු නියෝජිතයන් මේ බව ඇගවෙන සටහන්ද සිය සමාජ ජාල ගිණුම්වල සටහන් තබා ඇති බව නිරීක්ෂණය කල හැක.
කෙසේ වෙතත් එජාප අපේක්ෂකයා මේ සතිය අවසන් වන්නට පෙර නම් කරනු ඇති බවත් ඒ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා නම පෙරමුණේ නායකත්ව මණ්ඩලය විසින් බවත් එජාප ආරංචි මාර්ග කියා සිටී.
Sajith will stay with UNP. He has no spine to leave the party. Sajith knows if he leaves the party it will not be easy to come back and be the leader. What Sajith can do is wait until Ranil looses the election. Gota will win the election whoever contest from UNP alliance.