අවසන් නිල ප‍්‍රතිඵලය නිකුත් කර නෑ.. මැතිවරණ නිල ප‍්‍රතිඵල අමු බුලක් වෙයි.. මැකො කාර්යාලය වසා දමා ජනතාවගෙන් සමාව යදි..

February 12, 2018 at 9:20 am | lanka C news
අවසන් නිල ප‍්‍රතිඵලය නිකුත් කර නෑ.. මැතිවරණ නිල ප‍්‍රතිඵල අමු බුලක් වෙයි.. මැකො කාර්යාලය වසා දමා ජනතාවගෙන් සමාව යදි..

පෙබරවාරි 10 වැනි දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේදී අවසන් නිල ප‍්‍රතිඵලය මේ වන තෙක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර නැත.

එසේ තිබියදීත් ඊයේ පස්වරු හතට පමණ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වසා දමමින් කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය කාර්යාලයෙන් පිටත්ව ගොස් තිබේ.

මේ හේතුවේ ඡන්ද ප‍්‍රතිඵල කිහිපයක් හා අවසන් නිල ඡන්ද ප‍්‍රතිඵලය පල කිරීමට මාධ්‍යවන්ට හැකි වී නැත.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාද සදහන් කරන්නේ තම දෙපාර්තමේන්තුවට ලැබුණු ඡන්ද ප‍්‍රතිඵල එසැනින් මාධ්‍යයට නිකුත් කළ බවත් අවසන් ප්‍රතිඵල කිහිපය නොලැබුණු බවත්ය.

සමස්ථයක් ලෙස මැතිවණ ප‍්‍රතිඵල නිකුත් කිරීම සදහා ඉතා දීර්ඝ කාලයක් කොමිෂන් සභාව විසින් ගන්නා ලද අතර ඔවුන්ගේ නිල ප‍්‍රතිඵලවලට පෙර කොට්ඨාශ මට්ටමින් සහතික කරන ලද ප‍්‍රතිඵල අන්තර්ජාලය ඔස්සේ ජනතාව වෙත ලැබින.

එමෙන්ම මෙම මැතිවරණයේදී තැපැල් ඡන්ද වෙනම ප‍්‍රකාශ කිරීමක් සිදු නොකල නිසා රාජ්‍ය සේවකයන්ගේ හැසිරීම ගැන අවබෝධයක් කිසිවෙකුට නැත.

මැතිවණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වීම ගැන අවස්ථා කිහිපයකදීම මැතිවරණ කොමිසම විසින් පැහැදිලි කරන ලද අතර මේ වන තෙක් මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රතිඵල දැක ගැනීමට නැත.

නිසි පරිදි ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වීම ගැන මැතිවරණ වෙබ් අඩවිය හරහා ජනතාවගෙන් සමාව අයදිමින් දමා ඇති පණිවඩුය මෙසේය. Link

357 views

51 Comments to “අවසන් නිල ප‍්‍රතිඵලය නිකුත් කර නෑ.. මැතිවරණ නිල ප‍්‍රතිඵල අමු බුලක් වෙයි.. මැකො කාර්යාලය වසා දමා ජනතාවගෙන් සමාව යදි..”

  1. Deamon4rmHell says:

    We all know what MR did for Election Commisionaire last time, Sri Lankan’s easily forget the past…

  2. අවසන් නිල ප‍්‍රතිඵලය says:

    කොහොමද පුතාලා අවසන් නිල ප‍්‍රතිඵලය නිකුත් කොරන්නේ. නිලත් ඉවරයි කොලත් ඉවරයි. රතුත් ඉවරයි. ඔක්කොම පොහොට්ටු.ඉතින් මං කොමද නිල ප්‍රතිපල දෙන්නේ?

  3. H-Nuwan says:

    මාධ්‍ය සංදර්ශන කළාට … කොලේ ඉරාගන ඇගේ හලාගත්තා නේද?

    • Bud says:

      දන්නේ නැති නිසා අහන්නේ. මේ හැමෝම මේ දවස් වල පාවිච්චි කරන “කොළේ ඉරාගෙන අගේ හලාගන්නවා ” කියන එකේ තේරුම මොකක්ද ? කරුණාකරලා කියලා දෙන්න පුලුවන්ද? ස්තුතියි

  4. Lansa says:

    Even in this statement., English is incorrect.

  5. David Milli-Banda says:

    MACO sahodara Sunanda and his western NGO la ekka ekathuwela gemak gahanna hadanawa wage…………..

  6. SUNIMAL says:

    -2013.සැප්.24, ප.ව.6.30) මැකෝ ගිරවා හෙවත් මැතිවරණ කොමසාරිස් දේශප්‍රියගේ සාධාරණ ඡන්දයේ දිග පළල පුත්තලමෙන් මතු වී තිබේ. පුත්තලම, ශාන්ත ඇන්ඩෘෘ විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ තිබුණු ඡන්ද පත්‍රිකා ගෝනි දෙකක් එම පාසලේ මුල්ලක තිබී සොයාගෙන තිබේ.

    මේවා ඡන්දය සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා තොගයකි.

    මැතිවරණ කොමසාරිස් මැකෝ ගිරවා පවසන්නේ ඡන්ද විමසීමෙන් අනතුරුව ගණන් කිරීමෙන් පසු අදාළ ඡන්ද පත්‍රිකා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකට රැගෙන යා යුතු බව ය. එලෙස රැගෙන යන ඡන්ද පත්‍රිකා අනතුරුව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රැගෙන යා යුතුය.

    නමුත් පුත්තලම ඡන්ද බල ප්‍රදේශයට අයත් ගණන් කරන ලද ඡන්ද පත්‍රිකා ගෝනි දෙකක් අත පසුවීමක් හේතුවෙන් එලෙස රැගෙන ගොස් නොමැති බවත් මෙය බරපතල අතපසුවීමක් බවත් මැකෝ ගිරවා පවසයි.

  7. john the baptice says:

    පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් කෝටි 350ක් පමණ වැය වෙතැයි කලින් ගණන් බලා තිබුණද එම වියදම රුපියල් කෝටි 400ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති දේශප්‍රිය පැවසීය. මේවා සොයා බැලිය යුතුය.

  8. NAK says:

    At first, for three years, it was the commission that does not hold elections. Now, finally that the elections were held he cannot release the results. excuses and excuses do we need a commission like this at great cost.

  9. athula says:

    mugs malayawa pitueahal kara wage me KANU katawath me rating pituwahal karanna one

  10. nimal says:

    English in the statement of the election commission also has several common errors. These people aren’t aware that Sinhala and Tamil are the official languages of the country. After all, whom are they addressing?

Main News