අවසන් පැය 24ට 14කට සුවයි.. අලුත් ආසාදිතයන් 10ක්.. දැන් 91ක් සුවයි..

April 19, 2020 at 2:10 pm | lanka C news
අවසන් පැය 24ට 14කට සුවයි.. අලුත් ආසාදිතයන් 10ක්.. දැන් 91ක් සුවයි..

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 ක කාලය තුළදී මෙරට තුළ කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන ඇත.

එමෙන්ම එම කාලය තුළදී කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු පූර්ණ වශයෙන් සුව ලබා නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.

ඒ අනුව මෙරට රෝහල් වල කොරෝ්නා ආසාදිතයන් 156 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් කොරෝනා අසාදිතයන් 254 තහවුරු කර ඇති අතර එයින් 91ක් සුවපත් වී ඇති අතර මරණයට පත් ගණන 07කි.

සැක සහිතව රෝගීන් 122ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

වසංගත රෝග විද්‍යා අංශය අද නිකුත් කළ වාර්තාව මෙසේය.

122 views

5 Comments to “අවසන් පැය 24ට 14කට සුවයි.. අලුත් ආසාදිතයන් 10ක්.. දැන් 91ක් සුවයි..”

  1. මා කොරෝනා රෝගය වැලදී එයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා පසුගිය දිනක නිවසට පැමිණි අයෙකි. මා රෝහලේ නැවති සිටි කාලය තුලදී මා හට injections සහ ඖෂධ ලබාදුන් රෝහලේ සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහ කැද කෝප්ප ලබාදුන් සහ දුම් මුට්ටිය ඇල්ලු රෝහලේ සුළුකාර්ය මණ්ඩලයට , මාගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමි

  2. Sarath says:

    ආසාදිතයින් ගණන එන්න එන්නම වැඩිවෙනවනෙ. කොහොමද පාලනය කරලා කියන්නේ?

  3. කෝ රොනාල්ඩෝ says:

    මැතිවරණයට දවස් 2 කට විතර කලින් වක්‍රය සැලකියයුතු ලෙස ඉස්සුනොත්..ආණ්ඩුවේ plan B එක මොකක්ද දන්නේ නැහැ. කෝකටත් කලින් දැනගෙන තියන එක වටිනවා නේ.

  4. Ravana Parapura says:

    හෙළ ජාතික අභිමානේ….

    මෙලොව හෙළයන් හට ජය නොගත හැකි දෙයක් නැත …ජය ශ්‍රී