අවසන් බස් නැවතුම පෙනි පෙනී රියදුරට නින්ද යාමෙන් බසය පාසලේ තාප්පයක් කඩා යයි..
April 13, 2018 at 5:30 pm | lanka C news
කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වව්නියාවේදී අද (13) අළුයම අනතුරකට ලක් වීමෙන් බස් රථයේ ගමන්ගත් මගීහු 08 දෙනෙකු තුවාල ලැබූ බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.
කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථය අද අළුයම 4ට පමණ වව්නියාව දෙමළ මහාවිද්‍යාලය අසලදී මාර්ගයෙන් ඉවතට පැන පාසසලේ තාප්පයද කැඩී පාසල ඇතුලට ධාවනය වී ඇත.
බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණ වලින් අනාවරනය වී ඇති අතර තුවාල ලැබූ මගීන්ගේ තත්වය බරපතල නොවන බවටද වව්නියාව පොලීසිය කියා සිටයේය.
කොළඹ සිට පැමිණ පෞද්ගලික බස් රථය අනතුරට පත් වූ ස්ථානයේ සිට වව්නියාව බස් නැවතුම් පලට ඇත්තේ තවත් මීටර් 500 ක් පමණ දුරකින් තිබියදී රියදුරුට නින්ද යාම විෂ්මය ජනක බවටද බස් රථයේ තුවාල ලැබූ මගීහු වැඩි දුරටත් කියා සිටියහ.
Serama dura gaman drivers la kudu gahanawa,,,okai atta,,,,