අවසන් මොහොතේ ගෝටාභය ඉවත් කර වෙනත් අපේක්‍ෂකයෙක් දමනවාද..- මහින්ද පිලිතුරු දෙයි..

September 19, 2019 at 4:40 pm | lanka C news
අවසන් මොහොතේ ගෝටාභය ඉවත් කර වෙනත් අපේක්‍ෂකයෙක් දමනවාද..- මහින්ද පිලිතුරු දෙයි..

එක්සත් ජාතික පක්ෂය අද තරම් කඩාවැටුණු යුගයක් ඉතිහාසයේ කිසිදිනක නොතිබූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද වන විට එම පක්ෂයට ජනාධිපති අපේක්ෂකයෙකු ද තෝරා ගැනීමට නොහැකි වී සිටින බව ඔහු පැවසීය.

තම පාර්ශ්වයේ ජයග්‍රහණය ස්ථිර බවත් ජනතාව සිටින්නේ තමන් සමඟ බවත් පැවසූ ඒ මහතා ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටින බව ද සඳහන් කළේය.

අවසන් මොහොතේ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට පළවන වාර්තා ගැන මාධ්‍යවේදීන් කළ විමසීමේ දී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකත්වයෙන් කිසිසේත්ම ඉවත් නොකරන බවත් ඔහු ස්ථිරවම ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වදින බවත්ය.

උත්සව සභාවකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

63,301 Viewers

6 Comments to “අවසන් මොහොතේ ගෝටාභය ඉවත් කර වෙනත් අපේක්‍ෂකයෙක් දමනවාද..- මහින්ද පිලිතුරු දෙයි..”

  1. Gotaimbara says:

    The country and the poor citizens have learnt the taste of a last minute candidate. Gotabhaya is tried and tested, unlike Sirisena in 2015.

  2. sunimal says:

    ජය ශ්‍රී රට පෙරට ජය ගොටාබයට

  3. නෙවිල් says:

    අනිවාර්යයෙන් ගෝටාභය ජනාධිපති වෙනවා .යහපාලුවෝන්ට ඇඩ්ඩ්‍රස් නැති වෙන්නෙ නොවැම්බර් 16

  4. හෙලයා says:

    වැඩ බැරි රනිල් සිරිසේන ජෝඩුව බල ලෝබය නිසා දෙන්නගෙම පක්ෂ දෙක විනාස කර ගන ජනතා අප්‍රසාධයට පත් වෙලා.

  5. nadun says:

    gota aniva dinanava. aniva. hamudapathi nevei vena kauru avath dan janamathaya venas karanna behe. ira hada vage eka sure

  6. As so as Ranil Srisena should sent home this time,

Main News