අවසන් යුද්දය පැවති බිමේ 10වන යුද සැමරුම හා වෙසක් සැමරුම් වෙනුවට යුද හමුදාවෙ 500කට අධික ලේ දන්දෙයි..

May 17, 2019 at 5:30 pm | lanka C news
අවසන් යුද්දය පැවති බිමේ 10වන යුද සැමරුම හා වෙසක් සැමරුම් වෙනුවට යුද හමුදාවෙ 500කට අධික ලේ දන්දෙයි..

අවසන් යුද්දය පැවති මුලතිව්හි යුද්දය අවසන් වී වසර 10 ක් ගත වීම නිමිත්තෙන් යුද හමුදාවෙන් විශේෂ යුද සැමරුමක් සිදු නොකරන බවත් වෙසක් පුන් පොහොය දිනයද නිමිති කරමින් සියලු රණ විරුවන් එක්ව ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය කියා සිටියි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඒ.ඩී.බී.රාජගුරු මහතාගේ සංකල්පයකට අනුව 59 සේනංකාධීපති මේජර් ජෙනරල් පී.ආර්.වනිගසූරිය මහතාගේ අධීක්ෂණයෙන් මුලතිව් මහරෝහලේදී මෙම ලේ දන්දීමේ වැඩ සටහන සංවිධානය කොට තිබුණි.

59 වන සේනාංකයට අයත් 64 සහ 68 බලසේනාවන්හි සෙබලුන් 550 කට අධික පිරිසක් මෙසේ ලේ දන්දීම වෙනුවෙන් සහභාගී වී සිටියහ.

යුද්දය අවසන් වී හෙට (18) දිනයට වසර 10 ක් පිරීම වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය මගින් විශේෂ යුද සැමරුම් වැඩසටහන් මෙවැ නොපවත්වන අතරම ඒ වෙනුවෙන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂාව හා සහජීවන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවටද මුලතිව් ආරක්ෂක සේනා මූළස්ථානය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,863 Viewers

6 Comments to “අවසන් යුද්දය පැවති බිමේ 10වන යුද සැමරුම හා වෙසක් සැමරුම් වෙනුවට යුද හමුදාවෙ 500කට අධික ලේ දන්දෙයි..”

  1. sathya says:

    Great Heros!
    Worlds best War Force.
    Lions……………

  2. Gotaimbara says:

    Well done. Theruwan Saranai to our Armed Services. You are the pride of our nation an example to the world.

  3. porolis says:

    digasiri pathami pinbarauu wesak diney thiloguru samma samindu saranai obasamata

  4. P. Chang Hutang says:

    බොහෝ ඉක්මනින් සියල්ල අමතක වන සිංහලයාට තමන් මීට අවුරුද දහයකට පෙර අත්විදි භීෂනය ආවර්ජනය කිරීම සදහා අවස්තාවක් ලැබීම දෛවොපගත සිද්ධියකි. පොදු ජනතාවට අමතක වූත්, ද්රෝහීන් විසින් බලහත්කාරයෙන් අමතක කිරීමට උතසාහ ගන්නාවූත්, ද්රවිඩයන් ඇතුළු සියලුම ජන කොටස් වලට මර බියෙන් තොරව නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරු කල එම උදාර අවස්තාව සිහිකිම හා ජිවිත පරිත්යාගයෙන් එම ජයග්රහණය අපහට අත්කරදුන් රණවිරුවන්හට අපගේ කෘතවේදය පල කරනු සදහාත්, ජාතියේ අභිමානය ප්රකාශ කිරීම සදහාත්, මැයි 18 හා 19 වන දිනවල ජාතික කොඩිය ඔසවා ඔබගේ භක්ති ප්රණාමය පුද කරන ලෙස සියලුම ජාතිහිතයිශින්ගෙන්, කාරුණිකව ඉල්ලා සිටින්නෙමි.

  5. crazy says:

    Praiseworthy, In the name of humanity this country doesn’t need any war victory celebration. Let us be true followers of lord buddha’s teaching. Let this country be a heavenly place on earth on which all living beings be blissed and leading a happy and prosperous lives. May all living being be free from suffering.

Main News