අවසන් රෝගියාද සුව වන තුරු කොරෝනා රෝහලේ සියළු වියදම් ඩඩ්ලි සිරිසේන බාරගනී..

March 27, 2020 at 2:10 pm | lanka C news
අවසන් රෝගියාද සුව වන තුරු කොරෝනා රෝහලේ සියළු වියදම් ඩඩ්ලි සිරිසේන බාරගනී..

පොලොන්නරුව වැලිකන්ද පිහිටා ඇති කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන් සහ ඊට ඇතුළු කරන සියළුම රෝගීන් වෙනුවෙන් රජය දරන සියලුම වියදම් අද දින සිට තමන් භාර ගන්නා බව අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

එම රෝහලට අවශ්‍ය උපකරණ තොගයක් තම පුද්ගලික වියදමින් ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ලංකාවේ කුමන ප්‍රදේශයකින් වුවද කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකන්ද රෝහලට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම අවසන් රෝගියා දක්වා තමන් සියලු ප්රතිකාර වියදම් දරන බවද ඔහු සඳහන් කළේය.

228 views

82 Comments to “අවසන් රෝගියාද සුව වන තුරු කොරෝනා රෝහලේ සියළු වියදම් ඩඩ්ලි සිරිසේන බාරගනී..”

  1. Karu says:

    ව්‍යාපාරයක් ලාභයක් ගන්න ඕනැ.නැත්නම් පවතින්නෙ කොහොමද?
    කිසිම දේක හොඳක් නොදකින ජෙ.වී.පී.ජාන වලින් ඉපදුන එවුන් කියන ඒවා ගණන් ගන්න එපා.
    ඔබගේ චේතනාව හොඳ නම් මේ වගේ සත් කාර්‍යයක් කිරීම උතුම් මිනිස් ගතියක්.
    මිනිසුන්ට උදව් කරන්න.

  2. Chathura putha says:

    Kola potu gahen kapa gaththata beheth peti hadanna baha booru devaka puthe.Eva rasayanagaravala pareekhsa karala e sanyoga ven kara ganna ona.evata mudal ona.punchi avdiye mole vadune nathi unama umbala vage booru devaka pataw bihi vena eka ahannath deyakda?

Main News