අවස්ථාවාදීන් රජය සමග ගොවීන් ගැටුමකට තල්ලු‍ කරවන උත්සාහයක

September 21, 2021 at 12:40 pm | lanka C news
අවස්ථාවාදීන් රජය සමග ගොවීන්  ගැටුමකට තල්ලු‍ කරවන උත්සාහයක

වී මිල අඩුයි කියමින් කාබනික පොහොරවලින් අස්වැන්න අඩුවෙනවා කියමින් ගොවි ජනතාව හා රජය අතර ගැටුමක් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් දරන උත්සාහය පරාජය කළ යුතු බව රජරට ප්‍රදේශයේ ගොවීහු කියති. ඉකුත් රජය සමයේ පොහොර සහනාධාර නොලැබුණ බවත් එකල වී කිලෝවක් සඳහා ගොවීන්ට ලැබුණේ රුපියල් තිහකට අඩු මුදලක් බවත් ඔවුහු පෙන්වා දෙති.

අනුරාධපුර මහපලාඩිකුලම ඉත්තෑවැව ගොවිජනපදයේ නිමල් ධර්මසිරි මහතාගේ ගොවිපලට රැස් වූ ගොවීන් පිරිසක් මාධ්‍ය හමුවේ මේ අදහස් පළ කළහ. එහිදී අදහස් දැක්වූ නාච්චිදූව ව්‍යාපාරයේ හීන් ඇල ගොවි ජනපදයෙ ගුණවර්ධන ගොවි මහතා අදහස් ප්‍රකාශ කරමින් පෙන්වා දුන්නේ වත්මන් රජය වසංගතයකට මුහුණ දෙමින් ගොවි ජනතාව වෙනුවෙන් දක්වන සැලකිල්ල පිළිබඳ සතුටු වන බවයි.

‘වී මිල තවත් වැඩි වෙනවා නම් ගොවීන් හැටියට අපි සතුටු වෙනවා. ගොවි උපකරණ මිල දිනෙන් දින ඉහළ යන නිසා වී කිලෝවක නිෂ්පාදන වියදමක් වැඩි වෙනවා. ගොවියාට ආදායමක් ලැබෙන්නේ මාස හයකට වරක් පමණයි. මෙවර යල කන්නයට ගොවීන්ට හොඳ ආදායමක් ලැබුණා. කුඹුරු අක්කරයක වී ගොවිතැන් කරන්න රුපියල් ලක්ෂ 1 ½ ක් වැය වෙනවා කියලා සමහර අය බොරු සමාජගත කරනවා. අක්කරයක වී වගාවට වැයවන්නේ රුපියල් 50,000 ක් පමණයි. ගොවිජනතාව සමහර පහත් දේශපාලන අරමුණු වලට යොදා ගන්නවා යැයිද ඔහු කීවේය.

කාබනික පොහොර භාවිතය ගැනත් අද ගොවියා තුළ බියක් ඇති කරලා. ඇත්තටම කාබනික ගොවි තැනට යොමු වීම ගැන අපි රජයට ස්තුතිවන්ත වෙනවා. කාබනික ගොවිතැන සාර්ථක වේවායැයි බියට පත් පිරිසක් ගොවීන් තුළ බියක් ඇති කරවන්න උත්සාහ කරනවා’ යැයි ද අනුරාධපුර, පණ්ඩුකාභය ගොවි සංවිධානය නියෝජනය කළ ජයලාල් ප්‍රනාන්දු ගොවි මහතා කීවේය.

ඇතැම් පුද්ගලයන් දේශපාලන බල ලෝභයෙන් අසරණ ගොවියන් ඔවුන්ගේ අරමුණු ඉටු කරගන්න පාවිච්චි කරන බව ද ඒ කිසිදු උගුලකට හසු නොවන ලෙස ද තමන් සමස්ථ ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.

මෙහිදී ගොවි සංවිධාන නියෝජනය කරමින් තවත් ගොවීන් කීපදෙනෙකු අදහස් දැක්වීය. මිහින්තලේ මහකනදරාව ප්‍රදේශයේ රජයේ සේවිකාවක විසින් සිදුකරන කාබනික පොහොර කිලෝ 1,00,000 ක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ද මාධ්‍යවේදීන්ගේ නිරීක්ෂණයට ලක්විය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

13,972 views

5 Comments to “අවස්ථාවාදීන් රජය සමග ගොවීන් ගැටුමකට තල්ලු‍ කරවන උත්සාහයක”

  1. පොඩිරාජා කිතුල්ගල says:

    කතාව සමිපුර්න ඇත්ත මෙි ව්‍යසන වෙලාවෙි රට තවත් අමාරැවෙි දාන්ඩ කැසකවන ඉතාම පහත් බංකොලොත් වෘතිය සමිතිකාරයන් ඔවුන් පොලබවන්නන් ආධාර අනුබල දෙන්නන් කුලියට බත්බැලකමි කරන්නන් ගල්ගසා එලවා දැමිය යුතුයි. මෙි කරදරකාරි අවස්තාවෙි සැවොම එක්වි රටක් ලෙස ගොඩයනවා වෙනුවට සක්කිලි දේසපාලනයේ යෙදෙමින් රටෙි ජනතාවගේ ජිවිත අනතුරේ හෙලමින් නටන නාඩගමි පිලිකුලෙන් බැහැරකල යුතුමයි

    • ගෞම් ඊයාරාජ් says:

      උබල වගේ හැම ලබ්බටම කුමණ්ත්‍රණයක් ගාන ගොට්ටන්ට රටෙ මිනිස්සුන්ට කෙලින්ම බලපාන සාදක වලට හඩක් නැගීම රට ආපස්සට ගෙනියන කාරණයක් , උබල වගේ හොරිකඩයන්ට අමතක උනාට පෙට්‍රල් මිල රුපියල් දෙකින් නැගපු ගමන් කිරිපිට මිල රුපියල් පහකින් උස්සපු ගමන් හාල් මිල වැඩිවුන ගමන් , ගොමාගේ ඉදලා , මහරජතුමා වෙනකං බයිසිකල් පැදලා ගත්ත ආතල් මේ රටේ මිනනිසුන්ට අමතක නෑ , රටේ ප්‍රශ්න පාණ්ඩුවක් විසදන්නැත්තං , රට වැසියා පාරට බහින එක අරුමයක් නෙමේ , කරගන්න බැරිවෙනකොට , මහින්දානන්දලා වගේ ගොබ්බයන්ගේ කුමණ්ත්‍රණ කතා බෛලා විශ්වාශ කරලා එහෙයි ගාන උම්මාද ගොං බෛයන්ගේ අදොනාත් අරුමයක් නෙමේ , තොපී වගේ සෙන්ටර් මෝල් ගොබ්බයො ඉන්නකං මේ පාණ්ඩු තමන්ට ඔනේ විදියට යකා නටන එකත් අරුමයක් නෙමේ . හැබැයි ඉතින් හැම ලබ්බකට කුමණ්ත්‍රණ ගගා වැලලෙන ගොබ්බ හැත්තක් එක්ක රට ඉස්සරහට නෙමේ යන්නේ හයිප ඩ්‍රයිව් රිවර්ස් ගියර් එකක.

  2. MM says:

    ගොවින් ගුරැවරැන් සෞඛ්‍ය සේවකයින් අනතුරේ දැමු හොරිකඩ දේසපාලුවන්ට සාපවෙිවා

  3. Vi Goyya says:

    මේ පන් ගොය්යෝ ටිකක්, වී ගොවිතැන කියපු කතාවක්. ඕවා වැඩිය serious ගන්න එපා.

  4. Susantha says:

    Ranganaya athe paththuwela, Pubudu kiyala gobbayek voice cut deela, jogging track ona kiyalath e booruwama aaye thanaka voice cut deela

Main News