අවාරයේ ශ්‍රි පාදයේ පැමිණි නෙදර්ලන්ත යුවලකට පොලිසියෙන් පෙට්‍රල් දෙයි…

July 19, 2022 at 2:10 am | lanka C news
අවාරයේ ශ්‍රි පාදයේ පැමිණි නෙදර්ලන්ත යුවලකට පොලිසියෙන් පෙට්‍රල් දෙයි…

අවාරයේ ශ්‍රි පාද සංචාරය සදහා පැමිණි නෙදර්ලන්ත ජාතික යුවලක් ගමන් ගත් ත්‍රිරෝද රථයකට හැටන් අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලෙන් පෙට්‍රල් ඉන්ධන නිකුත් කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් (18) දින පියවර ගැණින.

අන්තර්ජාලය ඔස්සේ හැටන් ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වෙන් කරවාගෙන දුම්රියෙන් පැමිණි නෙදර්ලන්ත ජාතික යුවල ත්‍රිරෝද රථයකින් (17)දින නල්ලතන්නිය වෙත ගොස් ශ්‍රි පාදය සංචාරය කර (18) දින මහනුවර දක්වා එම ත්‍රිරෝද රථයෙන්ම ගමන් කරන අවස්තාවේ ත්‍රිරෝද රථයට පෙට්‍රල් ඉන්ධන අවශ්‍ය බව ත්‍රිරෝද රථ රියදුරා විසින් ඉන්ධන පිරවුම්හල අසල රාජකාරියේ නිරතව සිටි හැටන් පොලිසියේ නිලධාරින්ට දැනුම් දිමෙන් පසු පොලිමෙන් පරිබාහිරව එම නෙදර්ලන්ත ජාතික යුවල ගමන් ගත් ත්‍රිරෝද රථයට පෙට්‍රල් ඉන්ධන නිකුත් කිරිමට පියවර ගැණින.

මෙහිදි මාධ්‍යට අදහස් දැක් වු නෙදර්ලන්ත ජාතිකයා කියා සිටියේ ශ්‍රි ලංකා සංචාරයක් සදහා පැමිණි ප්‍රථම අවස්තාව මෙය බවත්, ශ්‍රි ලංකාව සංචාරය කිරිමට හොද රටක් බවයි.

ශ්‍රි ලංකාව තුල යහපත් පුරවැසියන් සිටින බවත්, ඔහුන් තුල ආගන්තුක සත්කාර සහ ලෙන්ගතුකම තිබෙන බවයි එම සංචාරක යුවල කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

30,478 views

2 Comments to “අවාරයේ ශ්‍රි පාදයේ පැමිණි නෙදර්ලන්ත යුවලකට පොලිසියෙන් පෙට්‍රල් දෙයි…”

  1. ග්‍රාමසේවක says:

    අපේ සංචාරක කර්මාන්තය අංක තුනේ සිට අංක දෙකට පත් කරන්න ඕනෑ. මේ වගේ හොඳ වැඩ වලට ප්‍රසිද්ධියක් ලබා දීම ඉඉදිරියට ප්‍රයෝජනවත් වේවි. උදව් කරපු ඒ නිලධාරීන් ට ප්‍රණාමය !

  2. vis8 says:

    Hats off to the Police officers: they realize the value of tourism for Sri Lanka. Those fucking aragalaya losers have no clue about anything 🙁