අවාරයේ ශ්‍රි පාද ආරක්ෂාව උදෙසා ආරක්ෂක වැඩ පිලිවෙලක් දියත් කෙරේ…

May 22, 2019 at 2:23 am | lanka C news
අවාරයේ ශ්‍රි පාද ආරක්ෂාව උදෙසා ආරක්ෂක වැඩ පිලිවෙලක් දියත් කෙරේ…

ශ්‍රි පාද අවාරයේ ශ්‍රි පාද මළුවේ  ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කර ඇති බව නල්ලත්න්නිය පොලිසියේ ස්ථානාධිපති  පොලිස් පරික්ෂක  ලක්සිරි ප්‍රනාන්දු  මහතා පැවසිය.

ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ඉල්ලිමක් පරිදි ශ්‍රි පාද වන්දනා සමයේදි හැටන් මාර්ගයේ ස්ථාපනය කර තිබු ගුගුලතැන්න , රතුඅම්බලම සහ ඉදිකටුපහන යන ප්‍රදේශවල පොලිස් මුරපොරවල් වල 2019- 2020  වර්ෂය සදහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වන තෙක්  පොලිස් නිලධාරින් රාජකාරි සදහා පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

ශ්‍රි පාද අවාරයේ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද සංචාරයේ නියැලෙන සංචාරකයන්  නල්ලතන්නිය පොලිසියේ ලියාපදිංචි කර  දැඩි පරික්ෂාවකට ලක් කිරිමෙන් පසු ශ්‍රි පාදස්ථානය සංචාරය කිරිමට අවස්තාව ලබාදෙන බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේයි.

ශ්‍රි පාද අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය නොකරන ලෙසට ශ්‍රි පදස්ථානාධිපති හිමියන් විසින් සංචාරකයන්ගෙන් ඉල්ලිමක්ද කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

7,039 Viewers

2 Comments to “අවාරයේ ශ්‍රි පාද ආරක්ෂාව උදෙසා ආරක්ෂක වැඩ පිලිවෙලක් දියත් කෙරේ…”

  1. කැලණියෙ දමියා says:

    අවාරයේ එන වැඩි පිරිසක් එන්නේ ආදම්ගේ පාදය බලන්න. ඒක නිසා ආරක්ෂාව වැඩි කරපු එක හොඳ දෙයක්.

  2. මේඝවර්ණ අභය says:

    උඩ මළුවට අවැඩක් කරන්න හිතන එකෙක් ඔය නල්ලත්නන්නි පාරෙන් කොහොමටවත් එන්නෙ නෑ.
    ඔතැන පොලිසියක් ඇති බව කවුරුත් දන්නවා. අනෙක අවාරෙට උනත් ඔය ප්‍රදේශයේ මිනිස්සු ඉන්නවා ළඟපාත ගම්මානවල . වැඩිම ආරක්ෂා කටයුතු යොදන්න ඕනෑ අනෙකුත් මාර්ගවලට. ඒ මාර්ග සියල්ලම බොහෝ වනගතයි. බඩු තියේනම් උයාගෙන පිහාගෙන කාලා හත් අට දෙනෙකුට සති කිහිපයක් උනත් පහසුවෙන් නැවතිලා ඉන්න ලෙන් තියෙනවා. ඒ මාර්ගවලට ප්‍රවිෂ්ඨ වෙන සියළුම ගම්මානවල සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවලා ඔවුන්ව දැණුවත් කරන්නයි ඕනෑ.

Main News