‘අවා ගෲප්’ එක්ක දකුණු පළාතේත්..
November 23, 2016 at 6:48 pm | lanka C news
දකුණු පළාතේත් ආවා කල්ලි ක්රියාත්මක වන බව සන්ධාන දකුණු පළාත් සභා මන්ත්රී බද්දේගම සමිත හිමියෝ දකුණු පළාත් සභා රැස්වීම අමතමින් කියා සිටියහ.
බද්දේගම සමෘද්ධි බැංකුවේ කළමනාකාරවරුට යතුරුපැදිවලින් පැමිණි පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය දිනක හෙල්මට් දෙකක් කැඩෙන තෙක් පහර දී බරපතළ තුවාල සිදුකර ඇතැයිද කී එහිමියෝ උතුරේ ක්රියාත්මක වන ආවා කල්ලියට මෙම කල්ලිය සමාන බවද කීහ.
මෙම පහරදීම වැළැක්වීමට ගිය හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකුටද කල්ලිය විසින් අතක් කැඩෙන්නට පහර දී තඇති බවත් මෙම කල්ලියට දේශපාලන සම්බන්ධයක් ඇතැයි කිව නොහැකි බවද උන් වහන්සේ වැඩි දුරටත් පැවසූහ.