‘අවිගන්’ පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ..

April 1, 2020 at 1:20 pm | lanka C news
‘අවිගන්’ පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ..

කොරෝනා අසාදිතයන්ට ප්රතිකාර කිරීම සඳහා ජපානයෙන් ගෙන්වන ලද ‘අවිගන්’ නම් ඖෂධය රෝගීන්ට සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව තහවුරු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ අදාළ ඖෂධය ලියාපදිංචි කිරීමට හෝ ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ පෞද්ගලික සමාගමක් මෙතෙක් අවසර ලබාගෙන නොමැති බවයි.

මෙරටට කිසියම් ඖෂධයක් ආනයනය කරන්නේ නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ලබා ලියාපදිංචි විය යුතු බව එහි සභාපති මහාචාර්ය අසිත සිල්වා මහතා සඳහන් කරයි.

අදාළ ‘අවිගන්’ නම් ඖෂධය සම්බන්ධයෙන් ජපානයේ දී සායනික පර්යේෂණ දෙකක් පමණක් සිදුකර ඇති බවත් ජපානයේ ඖෂධ අධිකාරියද මෙම ඖෂධය ලියාපදිංචි කර නැති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ රජයේ ඉල්ලීමක් මත ජපානයෙන් අවිගන් ඖෂධ පෙති 5000ක් මෙරටට ගෙන්වා ඇති බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඒවා රෝගීන්ට ලබාදෙන බවද සභාපතිවරයා පැවසීය.

323 views

27 Comments to “‘අවිගන්’ පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ..”

  1. රංජිත් says:

    තමුසේලාට වැඩ නැද්ද හලෝ මාධ්‍ය ප්‍රකාශක කර කර යන්නෙ.රජය කරන වැඩකට උදව්වක් කරන්න බැරිද.ඒ බේත් එක හරි නැති නම් හරි එකක් හදන්න උත්සාහ කරපියව් පිට රටට කට ඇරගෙන ඉන්නේ නැතුව

    • Weerawardene says:

      ගොමා කාරයෝ .ඇරියස් එකක් අල්ලන්නෙ. නාථ දේව කන්නලව්වක් කරමු කිව්වම ගෝටා සර් බැනල එලව ගත්තලු.

      • kawinda says:

        eththatama ape janabala wege naayakathumano hewath sri muka puthaano kiyana vidihata Americawen upadesaka gaththoth naakada appachchi..?

  2. Aurora says:

    කොරෝනා වෛරසය මර්ධනයට බටහිර ක්‍රමය අනුව කිසිම ඖෂධයක් නැහැ. නමුත් දේශීය වෙදකමේ මේ රෝගයට ප්‍රතිකාර තිබෙන බවත් වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය වැඩි කරන්න පුළුවන් බවත් ඒ අතරේ වෙදදුරන් දිව්රා ප්‍රකාශකරනවා. සෞඛ්‍ය ඇමතිනිය ඉතාම නිවැරදි තීරණය අරන් තියනවා දේශීය වෙදකම මගින් ජනතාවගේ ප්‍රතිශක්තිය වැඩි කල යුතුයි කියල. මේ තීරණය මුන්ට ගැරඬියට බුමිතෙල් වගේ. ජනතාව කොරෝනාවට ප්‍රතිශක්තිය දක්වන්න වුනොත් මුන් අනතුරේ. ධන උල්පත් වැහෙනවා, වරප්‍රසාද නැතිවෙනවා. දැන් දැන්ම දේශීය වෙදකම මගින් ජනතාවගේ ප්‍රතිශක්තිය වැඩි කල යුතුයි කියල ගත්ත තීරණය ක්‍රියාත්මක කලොත් ඉතාමත් ඉක්මනට රට යථා තත්වයට ගේන්න පුළුවන්. ඊළඟට Accredited ප්‍රයිවට් රෝහල් වල PCR ටෙස්ට් එක කරන්න තියන බාධා නැතිකරලා රෝහල් 1-2 කට සාධාරණ මුදලකට ඒ පරීක්‍ෂාව කරන්න දෙන්න ඕන. මේ ටෙස්ට් එක කරන්න දෙන්නේ නැත්තේ positive රෝගියෙක් දේශීය වෙදකමෙන් සුවවෙලා ඒ බව ඔප්පු කරයි කියන බයට. එහෙම වුනොත් බටහිර වෛද්‍ය ක්‍රමය එහෙම පිටින්ම බිඳ වැටෙනවා. ඖෂධ ජාවාරම ඉවරයි. ඒ ඖෂධ ජාවාරම් කාරයන්ගේ සල්ලි තමයි PCR ටෙස්ට් එක කරන්න තියන බාධා කරන්නේ. අමතිතුමියනි, ඔබතුමිය මේ GMOA මාෆියාවට යට නොවී ජනතාවගේ ජීවිත රැකගැනීමට නිවැරදි තීරණේ ගන්න, එයින් අපේ ආරක්ෂාව තහවුරු වෙනවා පමණක් නොවේ රටම පිළිගැනීමට ලක්වෙනවා.

    • Ajith says:

      චීන සමාගමක් මේ අවිගන් පෙත්ත නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ ජපානයේ රේගිස්ටර් එක බලලාද? කොහොමටත් ලංකාවට බෙහෙත් පෙති ගෙන්වනකොට කොමිස් මුදල් හම්බවෙන්නේ නැතිනම් මුළු ලංකාවේම මිනිසුන් මැරුණත් ඒ බෙහෙත ලංකාවට අගුණයි. ඒක මහාචාර්ය සේනක බිබිලේ ගේ කාලයේ ඉඳන් පැවතගෙන එන සත්‍යක්. නැතිනම් ශත 10 ට තිබුන පිරිටෝන් පෙත්ත 1.50ක් වෙයිද? මේ වගේ කොමිස් බලාගෙන වැඩ කරන නිලධාරීන්ට හෙන ගහන්න ඕනෑ .

      • CAT says:

        අවිගන් පෙත්ත කොරෝනාවට සුදුසු බව තවම පිළිගෙන නොමැති බව ලිව්වම පුද්ගලයන් කීපදෙනෙක් මට දොස් කිව්වා
        දැන් ඒ මෝඩයෝ කියන්නේ කුමක්ද ? පිටරටින් එන ඕනෑම බෙහෙතක් අගය කරන අපේ දේශීය හෙළ බෙහෙත් ප්‍රතික්ෂේප කරන පුද්ගලයින්ට මේක හොද පාඩමක්

        • haransa says:

          oya kawuda ane meya??

        • හෙළ බෙහෙත් අහන්න නම් ඒ විදියට පැවැත්ම තියා ගන්නත් ඕනෑ.. හොට් ඩෝග්ස්, චිප්ස්, නා නා ප්‍රකාර ප්‍රෝසෙස්ඩ් කෑම, මස් වර්ග, විෂ වර්ග, ක්ෘමිනාශක, වල් නාශක, ජාන විකුර්ති කකා, කාර් එකෙන් ගමන් ගිහින්, ඔෆිස් එකේ ජොබ් එක කරලා, බාත් රූම් එකෙන් නාලා, ඇස්බැස්ටෝස් වහල ගහල ටයිල් කරපු ගෙදර, ඒ සී එකේ දවස ගත කරන බහුතර අපිට හැදිල තියෙන ලෙඩ වලට ඉංග්‍රීසි බෙහෙත්ම තමා හරියන්නේ..
          හෙළ වෙද කමට යනව නම් හෙළ ජීවන රටාවට යමු, වස විස නැති ගොවි තැනට යමු, කය වෙහෙසා වැඩ කරමු, ඇලට දොලට වස විස නොදා රැකගෙන ඒකෙ බැහැලා හීතල වතුර නාමු, අපි වවා ගත් දේ කෑමට ගමු, අසල්වැසියාට උදව් කරගෙන, ගමේ පන්සල වටා රොක් වෙලා, ගහ කොල සතා සීපාවා එක්ක සමගියෙන්, ධාර්මිකව ජීවත් වෙමු..ගමන බිමන පයින් ‍යමු..එතකොට කොහොමත් ලෙඩ නෑ.. හැදෙන සුලු ආබාධ වලට ගමේ වෙද මහත්තයගෙ බෙහෙත් හොදට පත්තියම් වෙයි..

  3. Dr. U No Hoo says:

    නමුත් චීනයේදී කොරෝනාව මැඩපැවැත්වීමට සාධකවූ සාර්ථකම ක්‍රමය අවිගන් බව නේද සඳහන් වෙන්නේ.

    ලංකාවේ උන්ට ඕක ගෙනාවේ නැතිනම් කියයි මෙහෙම දෙයක් තියෙද්දීත් ඒක නොගෙන්වා මිනීමරනවා කියලා. ගෙනාවම කියනවා ජපානෙ ඕක ටෙස්ට් කරල නෑ කියල​ කොරෝනාව වැඩියෙන්ම තිබුන රට වූ චීනය කලදේ අමතක කරල.

    ෂුවර් එකට ඇමෙරිකාවෙන් හෝ වෙන කොහොන් හෝ කාට හරි කොමිස් තියාගෙන ගෙන්වගන්න හිටපු වෙන මගුලක් අප්සෙට් වෙන නිසා විය හැකියි.

    • අල්ලපු ගෙදර තිනන් says:

      ඔය බෙහෙත් කොරෝනාවට වෙදකම් කරන්න නෙවෙයි, කොරෝනා නිසා ඇතිවන නිව්මෝනියාවට වෙදකමක්. කොරෝනා වලට බෙහෙතක් තාමත් හොයාගෙන නෑ.

      • haransa says:

        yako ithin korona hinda hadena niwumoniyawata meka dunnama miniha marenne na ne.

    • Alapaluwa says:

      හරියටම හරි මේ GUNP එකේ එවුන් දැන් ඉන්නේ අමුකලා,නිකම් කරන්ට් වැදුණු වල් උරන් වගෙයි. ඇහැට අනින්නත් ඉස්සර අඩන්න බලං ඉන්න මේ මොංගල් set එක කියාවි උබ කියාපු දේයම. ඉතින් මචෝ උබකියාපු දේ තමයි ඇත්තටම අන්තිමට උන් කියන්න බලං ඉන්නේ!.

      • Rata Wenuwen says:

        චීනෙන් අසා දැනගන්න පුලුවන්නේ ඔය බේහෙත රෝගින්ට ලබා දුන්නද කියලා, නිකන් බබා හුකුන් ගහා ගහා ඉන්නෙ නැතුව , කොරානාවෙන් ගසාකන ක්‍රමයක් සොයනවා වත්ද

  4. හාවා says:

    මම හිතුවා.. අපේ අය කියව කියවා ගිය නිසා මම නිකන් ඒ දවස් වල youtube එකේ ගහල බැලුව මේ බෙහෙත ගැන මොනවහරි විස්තර නිකන් බලන්න, අවේ සිංහල video ලිස්ට් එකක් විතරයි 😉

    අපේ ඉන්නේ කොහොමත් පොඩි පොඩි දේවලින් ලොකුවට පුදුම වෙන අය .. හරියට අර ඉස්කෝලේදී උගන්නපු “කාරකාත්මක වර්ධක” වගේ උන් !!

    • අල්ලපු ගෙදර තිනන් says:

      බාගෙට කියවලා තමන්ගේ රටේ මිනිස්සුන්ට ගරහන්නේ නැතුව හොයලා බලලා කෑගහපල්ලා.

    • යූ ටියුබ් නෙවෙයි ගූගල් කරල බලන්න..මෙය අනුමත වී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සාවට.. හැබැයි කොරෝනා රෝගීන්ට මෙය ලබා දුන් විට නියුමෝනියා රෝග ලක්ෂණ සෑහෙන ප්‍රමානයකින් අඩු වී තිබෙනවා..එවිට නියුමෝනියා තත්වය සමනය වීමෙන් රෝගීන් වැඩි ප්‍රමානයක් මරනයෙන් බේරෙනවා.. Double blind randamised control trial කරන්න පුලුවන් වෙලාවක් නෙවෙයි මේක..ඒ වෙනකොට කෝච්චිය ගිහිං ඉවරයි..
      ඕනැම බෙහෙතක් off licence යටතේ වෙනත් රෝගී තත්ව සදහා යොදා ගන්න වෛද්‍යවරුන්ට පුලුවන් ඒ සදහා යම් ධනාත්මක සාක්කි තිබේ නම් සහ එම ඖෂධයෙන් සැලකිය යුතු හානියක් නැහැයි කියා විශ්වාස නම්..නම්.. Quinine කොරෝනා සදහා පාවිච්චි කරන්නෙත් ඒ පදනමෙන්..
      GMOA එක ආසයි ලෙඩ්ඩු වැඩිවෙලා ආන්ඩුව ඇන ගන්නව බලන්න..එතකොට පොර ටෝක් දිදී මාධ්‍ය සංදර්ශන තිය තිය we told you so..so.. කියන්න තමයි බලං ඉන්නෙ..ඉන්නෙ..
      ICU ඉන්න අයගෙ mortality rate මැරෙන්න චාන්ස් එක කොහොමත් වැඩියි..ඒ අයට මෙය දීමෙන් වාසියක් මිස අවාසියක් වන්නේ නැහැ..කල් තියා ගබඩා කර තැබීමෙන් ඉදිරියේදි ඇති වන හිගයකට මුහුන දිය හැකියි..හොද තීරනයක්..තීරනයක්..

      • හාවා says:

        මාරයාගේ පැහැදිලි කිරීමට ස්තුති මචන් !!

  5. Saman says:

    තොපෙ කුහකකම විනාශයට මුල
    දීපන් ඉගුරු කොත්තමල්ලි…

  6. UNP-GALIBBA says:

    අපි කවිගන් ටිකකක් ගෙන්වමු ඉන්.ඳියාවෙන් පටස්ගාලා ඔය ලෙඩේ සුව වෙනවා ???

    • මේ ඖෂධයේ බලපත්‍රය හිමි Fujifilm Toyama Chemical කොම්පැනිය දැං ජපානයේ කොරෝනා රෝගීන් කන්ඩායමකට මෙම බෙහෙත අත් හදා බැලීමට සැරසෙනවා. හේතුව ජපානයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව එක වර ඉහල නැගීමට පටන් ගැනීමයි..මෙය සාර්ථක උනොත් අවිගන් සදහා ඉල්ලුම ඉහල යයි..ඒ නිසා දැන්මම ස්ටොක් එකක් ලග තබා ගැනීම නුවනැති ක්‍රියාවකි..
      GMOA කුහක කතා අරථ විරහිතයි..

      • Love nature says:

        අපේ රටවල මිනිස්සු ජපානේ වගේ රටවල lab rats ලා කරන්න බලන්නේ ? මෙයින් සිදුවන්නේ අවිගන් experiment එකක් පමණයි
        නිව්මෝනියා වලට දෙන බෙහෙත් corona වෛරසය විනාශකළ නොහැකියි

        • අපේ රටේ නෙමෙයි මෙම trial එක සිදු වන්නේ ජපානයේ ජපන් ජාතික කොරෝනා රෝගීන් යොදාගෙන..
          ICU ventilator එකක සිටින රෝගියාට ventilator එකේ සිටි පමනින් රෝගය හොද වන්නේ නැහැ..නියුමෝනියාව හොද නොවුනොත් ventilator එකේ සිටියත් මැරෙනවා..එහෙම අයට නියුමෝනියා තත්වය සමනය වීමට උදව් වන බෙහෙතක් තිබේ නම් එයින් ඔහු මරනීය තත්වයෙන් මිදෙන්න වැඩි ඉඩක් තියෙනව.. අවිගන් වලින් සිදු වන්නේ එයයි..කොයි වෛරසයටත් ලෝකයේ බෙහෙත් නැහැ. වෛරස් ප්‍රමානය load අඩු කිරීම පමනයි සිදු කළ හැක්කෙ..
          එසේම ඕනැම බෙහෙතක් මිනිසුන්ට නොදී එහි ප්‍රතිපල බලන්න බැහැ..

  7. Chinthana says:

    Hopefully this medicine “AVIGAN” -5,000 tablets would considered as samples. The real order would be place to China. AGMO or Any other scientist could not be able to come into a conclusion without testing the medicine. We have to wait for the test report. This may be the time Our Sri Lankans have seen the particular medicine. WE HAVE TO WAIT………

  8. Kankun says:

    GOMA,Stop all this crying for attention!
    You mentioned Avigan as an ‘effective treatment’ in your ‘Hammer and Dance theory’ proposal(slide 8 ,3rd medicine). Infact a pic that showing Avigan tablets was on the slide..Shame on you! or is this your April Fool prank?

  9. Kenkun says:

    GOMA,Stop all this crying for attention!
    You mentioned Avigan as an ‘effective treatment’ in your ‘Hammer and Dance theory’ proposal(slide 8 ,3rd medicine). Infact a pic that showing Avigan tablets was on the slide..Shame on you! or is this your April Fool prank?

  10. Kalana says:

    Ee paara kakulen adhina sangamayak welaa… Mona mee harakdha? me welaawe behethak nee, genaapu ekenwath goda dhaaganna balanne nethiwa, mona wikaarayakda?