අවිස්සාවේල්ලේ පිපිරීමක්.. අයෙක් මරුට..

April 2, 2021 at 9:00 pm | lanka C news
අවිස්සාවේල්ලේ පිපිරීමක්.. අයෙක් මරුට..

අද සවස අවිස්සාවේල්ලල මාදොල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් එක් අයෙකු මරණයට පත්වී තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇත.

අනතුරට හේතු වූයේ පරණ යකඩ එක් රැස් කරන ආයතනයක ගෑස් ටැංකියක් පුපුරා යාමයි.

ඉතා අනාරක්ෂිත අයුරින් ගබඩා කර තිබූ ගෑස් ටැංකි කිහිපයක් අතරින් කිහිපයක් පුපුරා යාම නිසා යකඩ කපන සේවකයා එම ස්ථානයේදී ම මියගිය අතර ඔහුගේ සහයකයා බරපතල තුවාල ලැබ සිටී.

මියගිය අයගේ සිරුර මීටර් 5ක් පමණ දුරට විසිවී ගොස් තිබෙනු දක්නට ලැබුනි.

20,920 views

One Comment to “අවිස්සාවේල්ලේ පිපිරීමක්.. අයෙක් මරුට..”

  1. රසික says:

    Ahinsaka minssuntamai hama wipathama wenne.miyagiya sahodarayata niwansuwa labewa.thuwala labu sahodarayath ikman suwaya labewa.

Leave a Comment

Main News