අවි බිම තබා සාම සාකච්චා.. රාජිත-චම්පික ඇමති සජිත් හමුවී එකග වෙති..
August 16, 2019 at 11:20 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය ගැන තීරණාත්මක සාකච්චාවක් සදහා රාජිත සේනාරත්න, චම්පික රණවක යන ඇමතිවරුන් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා මුණ ගැනී ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
අගනුවර ස්ථාව දෙකකදී මෙම සාකච්චා පසුගිය 12 වැනිදා සිදු කර ඇතැයිද එම වාර්තාවේ දැක්වෙයි.
එජාපයේ ගැටළු විසදාගෙන ඉදිරිපත් වන්නේ නම් තමාට ගැටළුවක් නැති බවත් පලමුව සන්ධානය බිහිකර අපේක්ෂකයා පසුව නම් කිරීම තම ස්ථාවරය බවද ඇමති රණවක විසින් එහිදී සදහන් කර ඇත.
රාජිත සේනාරත්න මහතා සමග පැවති හමුවේදී ජනාධිපතිවරණය ජය ගැනීමට නම් ජවිපෙ හා දෙමල සන්ධාන සහාය ලබා ගැනීම අනිවාර්ය බව ඇමති සජිත් පේ‍්‍රමදාසට පෙන්වා දී ඇතැයිද සදහන්ය.
දැනට එජාපයේ ඇති අර්බුදය ඉක්මනින් විසඳිය යුතු බවද සේනාරත්න මහතා පෙන්වා දී ඇත.