අවුරුද්දක් යන්න කලින් ආණ්ඩුව ෆේල් වෙලා.. ජීවන වියදම ඉහල යන්නේ අසාර්ථක පාලනය නිසා..

December 16, 2020 at 8:40 am | lanka C news
අවුරුද්දක් යන්න කලින් ආණ්ඩුව ෆේල් වෙලා.. ජීවන වියදම ඉහල යන්නේ අසාර්ථක පාලනය නිසා..

වත්මන් ආණ්ඩුවට සෑම අංශයකින්ම අසාර්ථක වී ඇති බවත් ජනතාවගේ ජීවන වියදම පාලනය කර ගැනීමටවත් නොහැකි තරමට අසමත් වී ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

මෙවර ඉදිරිපත් කළ අයවැයෙන් ජනතාවට සහන දීම වෙනුවට ගජ මිතුරන් පෝෂණය කිරීම සිදුව ඇතැයිද ඔහු කියා සිටියේය.

වත්මන් ආණ්ඩුව අවුරුද්දක් ගත වෙන්නටත් පෙර ෆේල් වී ඇති බවත් ජනතාවගේ ප්‍රශ්න වලට මේ ආණ්ඩුවෙන් කිසිදු විසඳුමක් නැති බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජීවන වියදම මෙතරම් ඉහළ යන්නේ අසාර්ථක පාලනය නිසා බවත් කී ඔහු මිල පාලනයට ගැසට් ගැසීම අද විහිළුවක් බවට පත්විය ඇතැයිද කියා සිටියේය.

7,766 views

18 Comments to “අවුරුද්දක් යන්න කලින් ආණ්ඩුව ෆේල් වෙලා.. ජීවන වියදම ඉහල යන්නේ අසාර්ථක පාලනය නිසා..”

  1. අනන්ද says:

    මෝඩ කතා එපා. ලෝකෙම අසාර්ථක වෙලා කොරොනා නිසා

  2. Osmand says:

    ලංකා ආණ්ඩුව විතරක් නොව ⁣මුලු ලොවම fපේල් බූරුවෝ. නිකන් අන්ද බූත තථා කියන්න එපා. ලබන ඔබ අතුගෑවිලා යෑම නියතයි.

  3. Chaminda says:

    Awastawen proyojana ganna hadana modayo ubala hitiyanam korai….

  4. Roshan says:

    Awlak nehe…sudu wèn thaama nehe….ohama yang

  5. Helaya123Pp says:

    What right you have to critizise the government Tissa as you are the provan failure in the country both private and politically …..

  6. RATHANA SADUU1 says:

    කරපු හැම වැඩක් ම අනාගෙන පිං මංතිරි කට්ට අල්ලගෙන මරැ කියවන යන යන තැන මූසල කරන ගරැ මැතිදා තිස්ස සුරින්දා…..

Main News