අවුරුද්දක් වයසැති බිළිඳියකගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි…

December 31, 2019 at 2:11 am | lanka C news
අවුරුද්දක් වයසැති බිළිඳියකගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි…

වව්නියාව, ඊච්චන්කුලම ,අම්මිවෙත්තාන් ගම්මානයේ ළිඳක තිබි වයස අවුරුද්දකුත් දින 20 ක් වයසැති  බිළිදියකගේ මළ සිරුරක් සොයාගත් බව වව්නියාව ඊච්චන්කුලම පොලීසිය පවසයි.

දැරිය නිවසේ නොමැතිවීමෙන් දැරියගේ මව විසින් අසල්වාසීන් සමග ඊයේ රාත්‍රිය වන තුරු සොයා ඇති අතර එහිදී අසල්වාසීන් විසින් සොයා බලන අවස්ථාවේදී අතුරුදන් බිළිඳිය ළිඳට වැටී ඇති බවට අනාවරනය වී ඇත. එම අවස්ථාවේදී දැරියගේ පියා නිවසෙන් බැහැරකට ගොස් පැමිණ ඇති අතර පසුව පියා විසින් ඊච්චන්කුලම් පොලීසියට මේ බව දැනුම් දීමට පියවර ගෙන ඇත.

ළිඳට වැටීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු එකකුත් දින 20ක් වයසැති නාගේන්ද්‍රරාසා සිමියා දැරිය වන අතර කුමන හේතුවක් නිසා දැරිය ළිඳට වැටුනේද යන්න මෙතෙක් අනාවරනය වී නොමැත.

මේ වන විට දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වව්නියාව රෝහලට ඇතුළත්  කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද පරික්ෂණ සිදු කරන ඊච්චන්කුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,368 Viewers
Main News