අවුරුද්දක බිළිඳෙක් ළිඳකට වැටී මිය යයි…

August 31, 2018 at 8:03 am | lanka C news
අවුරුද්දක බිළිඳෙක් ළිඳකට වැටී මිය යයි…

යාපනයේ අරාලි වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේදී අවුරුද්දක් වයසැති බිළිඳෙකු අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

අරාලි බටහිර වඩුක්කොඩ්ඩෙයිහි පිහිටි නිවසක ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳකට මෙම දරුවා වැටී ඇති අතර මව හා පියා දරුවා නොමැති වීමෙන් සොයන අවස්ථාවේදී දරුවා ගෙවත්තේ ළිඳට වැටී සිටියදී සොයාගෙන ඇත.

ළිඳට වැටී ඇති අවුරුද්දක් වයසැති බිළිඳා එම අවස්ථාවේදීම දෙමාපියන් වඩුක්කොඩ්ඩඩෙයි රෝහලට රැගෙන ගියද ඒ වන විටත් දරුවා මියගොස් ඇත.

ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳට වැටීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුද්දක් වයසැති සෙලවනාදන් ඩිලක්ෂණ් නැමති දරුවෙකු වන අතර දරුවාගේ දෙමාපියන් කුලී වැඩ කිරීමට ගොස් සිටීම නිසා  දරුවා ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටියදී මෙසේ ළිඳට වැටී ඇති බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසි සැක පල කර සිටින අතරම දරුවන් පිළිබඳ සැලකිලිමත් නොවීම නිසා මෙම සිදුවීම සිදුව ඇති බවට යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

34 views
Main News