අවුරුද්දක සිගිත්තෙකුට කාන්තාවක් අමානුෂිකව පහරදෙන වීඩියෝවක් සමාජ ජාලවල..
March 2, 2021 at 12:40 pm | lanka C news
යාපනය අරියාලෙයි මණියන්තොට්ටම් ප්‍රදේශයේ මාස 09 ක් වයසැති කුඩා දරුවෙකුට අමානුෂිකව පහරදුන්නේ යැයි සැකපිට දරුවාගේ මව අද (02) අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
කුඩා දරුවෙකුට කාන්තාවක් විසින් ඉතා අමානුෂිකව පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග දැඩි කතාබහකට ලක් වෙමින් අදාල කාන්තාවට දැඩි විරෝධයක් විශාල පිරිසකගෙන් එල්ල වුණි.
පසුව මේ පිළිබඳව පරික්ෂණයක් ඇරඹු යාපනය පොලීසිය විසින් දරුවාට පහර දෙන ලද කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් දරුවාද පොලිස් ළමා හා කාන්තා කාර් යංශයේ භාරයට ගෙන ඇත.
පසුව පොලීසිය විසින් සිදු කරන ලද පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ අදාල කාන්තාව දරුවාගේ මව බවටත් ඇය 24 හැවිරිදි වියේ පසුවන අතරම විදෙස්ගතව සිට යාපනයට පැමිණ ඇති බවටය.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් අදාල මව පිළිබඳව මේ වන විට වැඩිදුර පරික්ෂණ සිදු කෙරෙන අතරම දරුවා පොලිස් භාරයේ ආරක්ෂිතව සිටින බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
adaa yeka thaga ge wardda neme yeka shihala minissu tama weradi
yeka army ekatama weradi
army ekata agent jeneewa yanda tama ona
adi punda
Fb වලට තිබෙන ශක්තියක් .අහිංසකයා බේරුණේ ඒක නිසා
Link එක අයින් කරලා.
මෙය සෙල්ලමක් නොව මානසික රෝගයකි.
මෙය උත්සන්න වූ විට බිලිඳා සහාසික ලෙස මරාදැමීම පවා ලොව පුරා සිදු වේ.
මෙක වීඩියෝ බිස්නස් එකක්. ලොකු මාර්කට් එකක් තියෙනවා යුරෝපයේ පෙඩොපීළ් කාලකන්නි න් ගෙන්