අවුරුද්දට පසු විශ්මයජනක පුවතකට මාධ්‍ය සූදානමින් තැබුවේ කවුද.. ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන දැන සිටියාද…

April 22, 2019 at 10:40 am | lanka C news
අවුරුද්දට පසු විශ්මයජනක පුවතකට මාධ්‍ය සූදානමින් තැබුවේ කවුද.. ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන දැන සිටියාද…

සිංහල අලුත් අවුරුද්දෙන් පසු රටම විශ්මයට පත් කරන පුවතක් අසන්නට ලැබෙන බවත් ඒ සඳහා සුදානම්ව ලෙසත් සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරමින් හදිසි පුවතක් ලැබුනහොත් අප්‍රේල් 15 දින වුව ද පුවත්පත් මුද්‍රණයට සුදානම් වන ලෙස කතුවරුන්ට පණිවිඩ ලබා දුන්නේ කවුද යන්න රටට හෙළි කරන ලෙස පවසමින් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පුවත්පත් නිවේදනයක් නිකුත් කර ඇත.

එම සම්පුර්න නිවේදනය මෙසේය.

අන්තවාදී ආගමික අදහස් දරන පිරිසක මැදිහත්වීමෙන් ඊයේ දින ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවක සිදු කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය අපි දැඩි හෙලා දකින්නෙමු. එහිදී ජීවිතක්ෂයට පත් ශ්‍රී ලාංකික සාමාන්‍ය ජනතාව, විදේශිකයන් සහ පොලිස් නිලධාරීන් ගේ පවුල්වල සාමාජිකයන්ට අපගේ බලවත් සංවේගය පළ කරන අතර තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය පතමු.

වසර කිහිපයක් ජාතික සහ ආගමික සංවිධාන දිගින් දිගටම සිදු කළ අනතුරු ඇගවීම්, කරුණු දැක්වීම් නොසලකා හරිමින්, හාස්‍යට ලක් කරමින්, බුද්ධි අංශ දුර්වල කරමින් රජය අනුගමනය කළ අදුරදර්ශී ක්‍රියා පිළිවෙල මෙවන් විපතකට මග පෑදු බව අපගේ විශ්වාසයයි. තව ද ඕනෑම බලවතකුට ඕනෑම දෙයක් කර ගැනීමට ඉඩ දීමේ අමනෝඥ ක්‍රියා පිළිවෙත මෙවන් විපතකට උල්පන්දමක් විය.

පසුගිය සති කිහිපය පුරා රටේ පැතිර ගිය ආරංචි මෙවන් ප්‍රහාරයක් පිලිබඳ යම් පිරිසක් දැනුවත්ව සිටියාද යන්න පිලිබඳ සාධාරණ සැකයක් ජනිත කරවයි. සිංහල අලුත් අවුරුද්දෙන් පසු රටම විශ්මයට පත් කරන පුවතක් අසන්නට ලැබෙන බවත් ඒ සඳහා සුදානම්ව ලෙසත් සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය. හදිසි පුවතක් ලැබුනහොත් අප්‍රේල් 15 දින වුව ද පුවත්පත් මුද්‍රණයට සුදානම් වන ලෙස කතුවරුන්ට පණිවිඩ ලැබී තිබුණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ශ්‍රී ලංකාවට තර්ජනයක් ඇති බවත්, නවසීලන්තයේ ආගමික ස්ථානයක සිදු වූ අවාසනාවන්ත සිදුවීමට ප්‍රතිචාර දැක්වීමට අන්තවාදී කණ්ඩායම් සුදානම් වන බවත් විදෙස් මාධ්‍ය හෙළි කළේය. මේ ගැන රජය සහ ආරක්ෂක අංශ තුළ තිබූ සුදානම ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය අපට මතු වේ.

තව ද ඉන්දීය තානාපති කාර්යාලය සහ කතෝලික පල්ලි ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වන බවට සඳහන් වූ ලිපියක් සහ වාර්තාවක් ඊයේ පළමු ප්‍රහාරයෙන් පැයක් ගතවීමටත් මත්තෙන් සමාජ මාධ්‍යවල හුවමාරු විය. එහි නම් සඳහන් වූ පුද්ගලයන් ඊයේ දින මරාගෙන මැරෙන ප්‍රහාරකයන් වූ බව විදෙස් මාධ්‍ය මේ වන විටත් වාර්තා කර ඇත. එසේනම් මේ ලිපිවල සඳහන් වූ තොරතුරු සම්බන්ධයෙන් අනුගමනය කළ පුර්වාරක්ෂක ක්‍රියාමාර්ග කවරේද? අනෙක් අතට ලිපිය ව්‍යාජ එකක්නම් පළමු ප්‍රහාරයෙන් පැයක් ඇතුලත ප්‍රහාරකයන් පිලිබඳ නිවැරදි විස්තර සහිතව එවන් ලිපියක් සකස් කලේ කවුද? යන ප්‍රශ්නය පැන නගී.

මේ කරුණු පිලිබඳ ඉක්මන් අවධානය යොමු කර දේශීය විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සාමාන්‍ය ජනතාවට සැබෑ තොරතුරු කඩිනමින් ලබා දීමට රජය කටයුතු කල යුතු බව අප සංගමය අවධාරණය කරන්නෙමු. සැබෑ තොරතුරු වසන් කිරීමෙන් ජන කොටස් අතර අවිශ්වාසය වර්ධනය වන අතර අනවශ්‍ය සිදුවීම්වලට මග පාදයි. තව ද මේ ඛේදජනක අවස්ථාවේ කට කතාවලට නොරැවටී ශ්‍රී ලාංකිකයන් සතු උතුම් මානුෂීය ගුණාංග ප්‍රකට කරවමින් උපේක්ෂා සහගතව කටයුතු කරන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි,

මහාචාර්ය චන්න ජයසුමන
මහලේකම්
ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය

130,573 Viewers

14 Comments to “අවුරුද්දට පසු විශ්මයජනක පුවතකට මාධ්‍ය සූදානමින් තැබුවේ කවුද.. ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන දැන සිටියාද…”

  1. Gamini says:

    කුඩු වල රස දන්නා යහපාලන නඩයට මේවා වැඩක් නැත…

    • AK47 says:

      උබල දන්නවාද……. ජාතියන්තර මාධ්‍ය සියල්ලම කියන්නේ මේ ප්‍රහාරය කලේ කවුද කියලා සොයාගෙන නැති බවයි. උන් කියන අනික් කතා වලින් හැගවෙන්නේ මේක හරියට බෞද්ධයින් කරපු දෙයක් වගෙයි. නිවට ආණ්ඩුව තාමත් අන්තවාදීන් ආරක්ෂා කරණවා. ඒකෙන් බෞද්ධයින් අපකීර්තියට පත් වෙනවා.

    • නිට්ටෑවා says:

      බුද්ධි අංශ නිලධාරීන් හිරේ දාපු වාසල හැත්ත, දැන් ඉතින් මිනී මැරීමේ වගකීම භාර ගනිල්ලා.

      • AK47 says:

        ඕකුන්ට තාමත් කඩේ යන පර හැත්තට මිනී කදු වල වගකීමෙන් ගැලවෙන්න බැහැ.

  2. UNP GAL IBBA says:

    බටලඳට පසු මස්ලංඳ නිර්මානකරු මිස්ටර් බීන් බව රටමදනී මෙය ඔහුගේ නිර්මානයකි කෙසේ හෝ බීන් බලයේ සිටීමට දමන උප්පර වැටි????

  3. Nim says:

    CHANNA JAYASUMANA MAHATHANENI
    OBA WANI BUDDIMATH UN GE
    NAGITEEMA JATHIYATA HAIYAK.
    ME BEERI ALINTA
    WUWAMANA RTA HUURA KAMATA
    PAMANI.
    BATA LANDALATA
    LEE PIPASAWA.

  4. බන්ඩා says:

    දැන් හරින්ල වගේ උන් ජිහාඩි ප්‍රහාරයේ වගකීම බුද්ධි අංශ වෙත පැවරීමට උත්සාහ කරනවා.
    බොරැ සංහිඳියාව උඩට ගෙනැවිත් ත්‍රස්තවාදයට සුදුහුනු ගෑව ‘යහපාලකයන්’ වෙච්ච විනාසයට වගකීම බාරගත යුතුය්. ලංකාව පුරා තවුහීද් මද්රාසා බිහිකර සම්ප්‍රදායක සූෆි, සහ අහමඩි ඉස්ලාමිකයන් යටපත් කර ජිහාඩියන් අරක් ගත් රැවුලන්ගේ සහ බිල්ලන්ගේ වහබි ඉස්ලාමය පතුරවන්න අනුබල දුන් රාජිත මොහමඩ් වැනි පරගැති යහපාලකයන් හිරේ යැවිය යුතුය්.

    • Nimal Liyanagams says:

      ඔයා හරියට හරි. ඔය වාචාලයා මෙි රටට හෙණයක්

  5. Sadun says:

    Timely valuable letter. good arguments

  6. Prabath says:

    චන්න ජයසුමන පොහොට්ටු අාන්ඩුවේ health minister

    • Sadda says:

      මියගිය දරුවො, සහෝදරයන් සහෝදරියනුත් ඔක්කොම පොහොට්ටුවේද ?. මෙවැනි මෝඩ කතා කොටන්න එපා මිත්‍රයා . එදා මියගිය අය අතරට ඔබත් මමත් එක්වෙන්න හැකි බව පමණක් හිතන්න.

    • damian says:

      මෙන්න UNP සුනකයන් ගේ චින්තනය​.උන් ඇමති කම්ගැන හොයනව​. මිනිස්සු මැරිල​.

  7. vijaya dharmapala says:

    සජිත්ගේ පළමු වන හයේ පහරද?

  8. ජීවිතය තණ අග පිනි බිදක් වැනි බවත්, ක්ෂණයෙන් මරණය වැළඳගන්නා බවත් ” නොදන්නා,නොසිතනා අගඥානයෝ ” නිවසේද,ගමේද,රටේද,පිට රටේද, ජාති වසයෙන්,ආගම් වශයෙන් ,උස මිටි පහත් ආදී වසයෙන් ක්‍රෝධයෙන් වෙලී බෙදී එකිනෙකා මරාගන්නේ යැයි සම්බුදු පියාණන්ගේ උතුම් වදනයි.