අවුරුද්දේම ණය මුල් මාස හයට අරන්.. ඉතිරි මාස 06 දුවන්න සල්ලි නෑ..

June 17, 2017 at 11:20 am | lanka C news
අවුරුද්දේම ණය මුල් මාස හයට අරන්.. ඉතිරි මාස 06 දුවන්න සල්ලි නෑ..

2017 වසර වෙනුවෙන් ලබාගත හැකි සම්පුර්ණ ණය ප‍්‍රමාණයෙන් මේ වන විට 80%ක් පමණ ලබාගෙන අවසන් යයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ වසරේ මුල් මාස 06 තුලදී මෙතරම් ණය ප‍්‍රමාණයක් ලබා ගැනීම නිසා ඉතිරි මාස 06 රජයේ වියදම් ගැන ප්‍රබල ගැටලු මතුවිය හැකි බවයි.

2017 අයවැය ලේඛනයේ සදහන්ව ඇත්තේ මේ වසර සදහා රජයට ගත හැකි උපරිම ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1579ක් වන අතර වසරේ මුල් මාස 6 තුළදී රුපියල් බිලියන 1250 ණය ලබාගෙන තිබේ.

ඒ අනුව ඉදිරි මාස 06ක කාලය සදහා ඉතිරිව ඇත්තේ රුපියල් බිලියන 325ක් පමණි.

13 views

2 Comments to “අවුරුද්දේම ණය මුල් මාස හයට අරන්.. ඉතිරි මාස 06 දුවන්න සල්ලි නෑ..”

  1. NARAYANA says:

    Country is finished, with this bunch

  2. දුගී_පුරවැසියා says:

    මහජනතාවට අවශ්‍ය වාහන ගත්තනේ හිටං.

Main News