අවුරුදු තුනට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ 09යි… බදු අය කිරීම 100%කින් ඉහලට… රුපියල 22%කින් අවප‍්‍රමාණයි..

July 10, 2018 at 3:50 pm | lanka C news
අවුරුදු තුනට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ 09යි… බදු අය කිරීම 100%කින් ඉහලට… රුපියල 22%කින් අවප‍්‍රමාණයි..

මාතර ප‍්‍රදේශයේ පැවති ‘එළිය’ සමන්ත‍්‍රණයක් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය.

අද පිටරට යන අයගෙන්, කාර් තිබෙන අයගෙන් බදු අය කර ගන්න හදනවා. අද මේ රටේ යථාර්ථය එයයි. 2014 සාපේක්‍ෂව 2018 වන විට මේ ආණ්ඩුව ජනතාවගෙන් අය කරන බදු ප‍්‍රමාණය සියයට සියයකින් වැඩි කර තිබෙනවා.

එදා සුද්දන් මේ රට පාලනය කළෙත් ජනතාව සූරාකාලා. නමුත් නිදහසින් පසු කිසිම රජයක් එවැනි බදු අය කළේ නැහැ. මහින්ද රජය කාලේ ක‍්‍රමානුකූලව බදු බර අඩු කරන්න කටයුතු කළා. අද ඒ සියල්ල වෙනස් වෙලා.

මේ රජය බලයට ආ දවසේ සිට කළේ ආර්ථිකය නාස්ති කිරීම පමණයි. ආණ්ඩුවේ වැරදි තීරණ නිසා රුපියල් බිලියන දෙදහකට වඩා විශාල ආර්ථික හානියක් සිදුව තිබෙනවා. රුපියල සියයට 22 කින් අවම ප‍්‍රමාණය වුණා. ලංකා ඉතිහාසයේ කිසි දිනෙක නොදුටු අදක්‍ෂ, දැක්මක් නැති රජයක් අද බලයට ඇවිත් තිබෙනවා. ? 12 ට පෙට‍්‍රල් මිල වැඩි කරනවා. උදේට යළිත් මිල අඩු කරනවා. ආර්ථික ප‍්‍රතිපත්තියක් නැහැ.

පසුගිය අවුරුදු 3 ට ආර්ථික ප‍්‍රතිපත්ති නවයක් ඉදිරිපත් කර තිබෙනවා. සුරංගනා කාරයන් සමග මේ රට දුවන්නට බැහැ. ඇත්තටම කිව්වොත් රට විනාශ වෙලා ඉවරයි. සියලූම ආර්ථික මර්මස්ථාන විනාශ කරමින් යනවා. රාජ්‍ය සේවය අකර්මන්‍ය වෙලා.

මේ දුර්දාන්ත පාලනය පලවා හැරිය යුතුයි. ඒ සඳහා ජනතාවඑක්විය යුතු කාලය එළැඹ තිබෙනවා. ජනතාව එකට එකතු වෙලා දැන් පලයව් කිව්වොත් ආණ්ඩුවට යන්න වෙනවා.

ජනතා එළිය දල්වමු. දුර්දාන්ත පාලනයකට හැමදාම බලයේ ඉන්න බැහැ. අපි පටන් ගත්ත සංවර්ධනය යළි ආරම්භ කරමින් ලෝකයේ ප‍්‍රබලරටක් බවට පත් කරමු.

– චමින්ද කරුණාරත්න

16 views

8 Comments to “අවුරුදු තුනට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ 09යි… බදු අය කිරීම 100%කින් ඉහලට… රුපියල 22%කින් අවප‍්‍රමාණයි..”

  1. "චන්දෙ මාරුතය" says:

    නැවේ කපිතාන් එන්ජිම යට කාමරෙ ඉන්න විට
    නැව යන්නේය මාරුතයට හැරුනු චන්ඩ දිසාවට
    උඩට විත් බයටම මාලිමාව අතට ගෙන බලන විට
    හමාරය ගිලෙන නැව බේරගන්න අඹුඩ ගහන විට

  2. click says:

    Back ground of this man has to be checked thoroughly.

    This man is trying to safe crooks of previous regime too much due to some reason.

    He may have got Lions share during that time.

    • somapala says:

      You don’t seem to hear the bitter truth. What Nalaka Godahewa saying is the exact truth and some people do not like to hear it. and you may be a JVP or UNP guy.

    • MP says:

      Man, please read or listen what he says and answer to the questions he raised. There is no point of making baseless aligations without any proof.

  3. SUNIMAL says:

    රනිල් සිරිසේන යමපාලනය පන්නා දැමීම සියලු ජනතාවගේ පරම යුතුකම විය යුතුය

  4. lalanga says:

    This man is a patriot with brave heart. Those who benefited from prvious regime were the first to join current government. He is talking for my country.

  5. Samuvel says:

    රෑ දහයට නිදාගන්න මම කොහොමදයි ඕව දකින්නේ. පත්තරෙන් මම පස්සේ දකින කොට වැඩේ අහවර වෙලානෙ. ඉතින් මන් කියල අහවල් කෙන්ගෙඩියක් කරන්නද හිටන්.

  6. බබා says:

    රට මේ තරම් බදු අය නොකරන මට්ටමට ගෙනියන්න තිබුනා පහුගිය රෙජිම රජය රට චීනෙට ණය නොකලා නම්.දැන් රටේ ණය වාරිකය රටේ ආදායමට වඩා වැඩියි. ඉතින් බදු අය නොකර රට ගෙනියන්නෙ කොහොමද? දැන් ණය ගෙවන්න ණය ගන්න වෙලා තියෙන්නෙ. මොන ආණ්ඩුව ආවත් ඒක වලක්වන්න බෑ. මේ ගිය ආණ්ඩුව කරපු අටපාස් නැති බූරු රෙජිමෙ නිසා රට වැටුනු ආගාධය. ඒකට කඩේ යන මේ වගේ ගොට්ටො රට නොමග යවනවා.

Main News