අවුරුදු-නත්තල් නිවාඩු නෑ.. බෝනස් නෑ.. පැය 12ක් වැඩ.. පුද්ගලික අංශයට නව නීති ගෙනේ…
March 23, 2019 at 3:50 pm | lanka C news
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමේ යෝජනා රැසක් ඇතුළත් නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය සැලසුම් කර තිබේ. ‘රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත’ යනුවෙන් නම් කර ඇති මෙම පනත මගින් දැනට බලාත්මක කම්කරු නීති පනත් 53 ක්ම අහෝසි වන අතර, ඒ වෙනුවට හාම්පුතුන්ට වාසිදායක ලෙස අලුත් නීති ඇතුළත් වනු ඇත.
පඩි පාලක සමාගම් පනත, සාප්පු හා කාර්යාල පනත මෙම අලුත් පණත් කෙටුම්පත මගින් අහෝසි වේ. ඒ අනුව, සේවක වැටුප් තීරණය කිරීම, මාසික වැටුප් ගණනය කිරීම, මෙන්ම පෞද්ගලික අංශයට හිමි නිවාඩු පාලනය කිරීම ආදිය සම්බන්ධයෙන් බලතල හාම්පුතුන්ට හිමි වේ. දැනට සකස් කර ඇති නව පනතට අනුව, පෞද්ගලික අංශයට හිමි වීමට නියමිත වන්නේ, පොහොය නිවාඩුව පමණි. සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුව, නත්තල් නිවාඩුව, ආදී නිවාඩු ලබා දෙන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමේ බලය හාම්පුතුන් සතු වනු ඇත. වෙළෙඳ නිවාඩු අදාළ නොවන අතර, වැඩ කරන පැය ගණන පැය 8 සිට පැය 12 දක්වා දීර්ඝ කර ඇත.
සේවක සේවිකාවන් පහළොවකට වැඩි පිරිසක් සිටින සේවා ස්ථානවල පාරිතෝෂික ගෙවීමට පාලනාධිකාරියට පනවා තිබූ නීතියද සංශෝධනය කර ඇති අතර, ඒ වෙනුවට සේවකයන් 50 ක් හෝ ඊට වැඩි නම් පමණක් සේවකයන්ට පාරිතෝෂික ගෙවිය යුතු බව සඳහන් වේ.
‘රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ ණය ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන්නක් බවද පැවැසේ.
– lakbima
පර සුද්දගේ පාලනය නැවත කලු සුද්දන් ගෙනල්ලා
සුද්ද අපේ රට දාල ගියේ කලු සුද්දන්ට රට බාරදීල. ඒකයි මේ විනාසෙ
ලන්කාවට ලේසියට විශාල අයාතන එන්නේ නැත්තෙත් සහ වියාපාර වුනත් අමරුවෙන් දුවන්නේ අපේ නිවාඩු, කම්කරු නීති සහ ඉහල කම්කරු පඩි වගේ දේවල් නිසා ( උදාහරණයකට චීන අය සහ ඉන්දියන් අය තමයි ඇවිත් තියෙන ප්‍රොජෙක්ට් කීපයෙත් වැඩ කරන්නේ මොකද එයාලට දෙන ගානත් එක්ක වැඩි කාලයක් වැඩ කරනවා ). අපිට රටක් විදියට වැරදුනු එක දෙයක් තමයි රට දියුනු වෙන්න ඉස්සෙල්ලා අනවශය නීතී රාමුවක කොටු වීම. මේවා ඔහොම ලිහිල් වෙන එක හොදයි. නැත්තම් තියෙන වියාපාරත් අකුලන් යවී බන්ග්ලාදේශය වගේ රටවලට.
ඔයා රජයේ රස්සාවක් කරන කෙනෙක්ද, නැත්නම් Company එකක Owner කෙනෙක්ද?
රටේ දියුණුවට වැඩියෙන් බර දරන්නේ රටේ පෞද්ගලික අංශය කියලා හැමෝම දන්න දෙයක්!
අපි හිතමුකෝ ඔය මගුල ආවා කියලා …..
පැය 12ක් වැඩ කරලා මහන්සි වෙලා ඉන්න මිනිස්සුන්ට ගෙදර යන්න කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමයක් වත් ලංකාවේ තියෙද?
මොකද උදාහරණයකට කොලබ රස්සාවලට යන බහුතරයක් මිනිස්සුන් දුර කෝච්චවල බස් වල දුක් විදලා.. පැය 4-5 ක් පාරටම රස්තියාදු වෙලා යන්නේ…
ඔක්කොමත් හරි කියමුකෝ… මොකටද මෙ නය ගන්නේ?
ලොක බැංකුවේන් ණය කන්න මොකටද මිනිස්සුට ආණ්ඩුවක් ඕන වෙන්නේ ?
හරි අපි ණයට සල්ලි ගත්තා කියනකොට මිනිස්සු අප්පුඩි ගහලා චන්දේ දෙන රටක් වෙලා මේක..
මේ වගේ ගොන් ආතල් අරන් අන්තිමට බුද්දිමත් ජන්තාව පිටරට යනවා කියලා අඩන්න ලැස්ති වෙන්න එපා…
මොකටද මිනිස්සුන්ට රට ඉන්න එක එපා වෙනවා මේ මගුල් නිසා…..
මේ ගැන වැඩි විස්තර දැන ගැනීම සදහා රතු සහෝරදයන් හොයා ගැනීමට අවශ්‍ය නම් රනිල් හාමුගේ කුස්සියේ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.
අද ලංකාවේ වැඩවසම් ක්රමයේ රැකියා නැත. සේවක හිඟයක් ඇත. සෑම ශේෂ්ත්රයකම සේවකයන්ට විශාල ඉල්ලුමක් ඇත. ඉතින් මගේ අදහස වන්නේ පැය 8 කට අවම වැටුප රජයෙන් නිර්දේශ කල යුතු අතර සේව්‍ය සේවක ගිවිසුමකින් ඒ ඒ රැකියා වල වැටුප, අතිකාල, බෝනස් ගෙවීම් සහ වැඩ කල යුතු කාලය, පරාසය, නිවාඩු, සේවය කොන්තරත්ද තාවකාලිකද ස්තීරද වැන්න සඳහන් කල යුතුය. EPF, ETF වලට අමතරව සෑම සේවකයෙකුටම පූර්ණ රක්ෂනයක් අනිවාර්ය කල යුතුය. යල් පැන ගිය. කම්කරැ නීති අදට ඔබින්නේ නැත.
ELA, JAYAWEWA… KAALAWAREN dan batu maalu… laksha 62
If this rule is true or passed that would be the last of this government.
මේවගේ බොරු ප්ර්චරය කිරිමෙන් එක්සත් ජතික පක්ශය යන ගමන නතර කරන්න බැහැ.
පඩිත් එපා,නිවාඩුත් එපා, අපි නොමිලෙම වැඩකරන්නමි, ඔයාල සතුටින් ඉන්නකෝ හොදේ,
දැන් නමි පාරැවක් හදාගෙන හරි ඔීස්ට්රෙිලියාවට යන්න කලේ හරි වගේ
as per bangladesh rules 60 hours per week can work with over time. do in srilanka also but make sure pay over time