අවුරුදු නැකැත්වල බරපතල දෝෂ.. වෙනස් නොකලොත් රටටම මහා විනාශයක්..- ප‍්‍රවීණතම ජ්‍යෙතිර්වේදීහු කියති..

March 30, 2017 at 8:40 am | lanka C news
අවුරුදු නැකැත්වල බරපතල දෝෂ.. වෙනස් නොකලොත් රටටම මහා විනාශයක්..- ප‍්‍රවීණතම ජ්‍යෙතිර්වේදීහු කියති..

මෙවර සිංහල අලුත් අවුරුද්දේ චාරිත‍්‍ර වෙනුවෙන් නැකත් කමිටුව විසින් ප්‍රකාශ කර ඇති නැකත්වල බරපතල දෝෂ රැසක් ඇති බව මෙරට ප‍්‍රවීණතම ජ්‍යෙතිර්වේදීහු පවසති.

මෙම දෝෂ සහිත නැකැත් නිසා ජනතාවත්, පාලකයන්ට ඉතා අහිතකර ලෙස බලපානු ඇති බවටද ඔවුහු සදහන් කලේ එක්සත් ජ්‍යෙතිර්වේදී පෙරමුණ විසින් කොළඹදී පැවැත්වූ සම්මන්ත‍්‍රණයකදීය.

මෙම වැරදි සහගත නැකැත් රජය විසින් වහාම මෙය නිවැරදි නොකලහොත් අනිටු ප්‍රතිඵල මෙරට සමස්‌ත ජනතාවටම විඳින්නට සිදු වනු ඇතැයිද ඔවුහු පෙන්වා දුන්හ.

මෙම සම්මන්ත‍්‍රණය සදහා ආචාර්ය පියසේන රතුවිතාන, ආචාර්ය ඊ.එම්. ගුණපාල ඇතුළු ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදීහු රැසක් සහභාගී වූහ.

1,440 views
Main News