අවුරුදු පඩි දීමේ අවුලක්.. සේවකයන් ඉලපත් සහ ගොම වතුර ගෙන ප්‍රධානියා වටලයි..
April 11, 2019 at 4:40 pm | lanka C news
නොර්වුඩ් පොලිස් වසමට අයත් ටිලරි වතුයායේ වතු කම්කරුවනගේ ඉකුත් මස වැටුප ගෙවිමේදි වතු පාලන අධිකාරිය සහ වතු කම්කරුවන් අතර නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.
එම වතතුයායේ සහකාර වතු අධිකාරි ලක්ෂිත ප්‍රියංකර මහතා එම වතු යායේ කාර්යයාලයේදි මාසික වැටුප වතු කම්කරුවන්ට ගෙවිමට සුදානම් වු අවස්තාවේ එම වැටුල සහකාර වතු අධිකාරිවරයාගෙන් ලබා ගැනිම ප්‍රතික්ෂේප කල වතු කම්කරුවන් වතු අධිකාරි චන්න එගිරිමාන්න මහතා හමු වි කියා සිටියේ සහකාර වතු අධිකාරිවරයාගෙන් තම මාසික වැටුප ලබා ගැනිමට නොහැකි බවත්, එම වැටුප වතු අධිකාරිවරයා විසින් ගෙවන ලෙසය.
වතු කම්කරුවනගේ එම ඉල්ලිම ප්‍රතික්ෂේප කල වතු අධිකාරිවරයා සහකාර වතු අධිකාරිවරයා අතින් වැටුප් ලබා ගන්නා ලෙසට වතු කම්කරුවන්ට දැනුම් දිමත් සමග වතු කම්කරුවන් ගොම වතුර සහ ඉදල් සහිතව වතු කාර්යයලය වැටලුහ.
වතු කම්කරුවනගේ දැඩි නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ හැටන් පොලිසියේ නිලධාරින් සහ නොර්වුඩ් පොලිසියේ නිලධාරින්ටද මැදිහත්විමට සිදු විය.
එම වතුයායේ සහකාර වතු අධිකාරිවරයාගේ පරිපාලනයේ දුර්වලකම් ඇති බව චෝදනා නගන වතු කම්කරුවන් එම සහකාර වතුඅධිකාරිවරයාව වතු යායෙන් ඉවත් කරන ලෙසටද වතු සමාගමේ උසස් නිලධාරින්ගෙන් ඉල්ලා ඇත.
වතු කම්කරුවනගේ දැඩි නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ ඊයේ රාත්‍රියේ දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ වතු අධිකාරිවරයා විසින් වතු කම්කරුවන්ගේ ඉකුත් මස වැටුප ගෙවනු ලැබින.
පඩි අවුරුද්දෙන් පස්සේ දෙන්න ඕන මේ මෝඩ ඉන්දියාවෙන් මෙහෙ වැඩට ගෙනාපු එවුන් මට්ටු වෙන්න. ඔකුන්ට පොඩ්ඩක් නිදහස දුන්න ගමන් සින්හල වතු විනාශ කරන්න හදන්නේ.
“වතු කම්කරුවන් ගොම වතුර සහ ඉදල් සහිතව වතු කාර්යයලය වැටලුහ”. අපූරු ආදර්ශයකි. අපිත් ගොඅම වතුර සහ ඉදල් ගෙන ලොක්කන් වටලමු!