අවුරුදු පහක් වැඩ ආරම්භ නොකල අධිවේගී මාර්ගයේ වැඩ අරඹයි..

August 26, 2020 at 5:30 pm | lanka C news
අවුරුදු පහක් වැඩ ආරම්භ නොකල අධිවේගී මාර්ගයේ වැඩ අරඹයි..

ටෙන්ඩර් ප්‍රදානය කර තිබුණත් වසර 5ක් තිස්සේ යහපාලන රජයේ අකාර්යක්ෂම හා දූරදක්ශී පාලනය නිසා වැඩ ආරම්භ නොකර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි ඉදිකිරීම් වහාම ආරම්භ කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාතා විසින් මහාමාර්ග අමාත්‍යශයේ ලේකම් ආර්ඩබ්ලිව්ආර් පේමසිරි මහතාට උපදෙස් ලබා දී ඇත.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරිම වෙනුවෙන් මූලික අත්තිකාරම් මුදල වන කොන්ත්‍රාත් මුදලින් 15්‍ර ක් දේශිීය අරමුදල් වලින් ගෙවිය යුතුය. එම අත්තිකාරම් මුදල් වන රුපියල් බිලියන 16.67 ක් (ඊයේ) 25 දින කොන්ත්‍රාත් ආයතනය වෙත ගෙවන ලදී.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි දුර ප්‍රමාණය කිලෝමීටර 36.54 කි පළල මීටර 24.4 ක් වන අතර මංතීරු හතරකින් සමන්විතයග ගුවන් පාලම් දුර කිලෝමීටර 13.24 කි. මේ සදහා ඇස්තමේන්තු කර ඇති කොන්ත්‍රාත් මුදල රුපියල් බිලියන 158 කි.

පසුගිය රජය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ඉදිනොකර ප්‍රමාද කිරීම හේතුවෙන් තවත් බිලියන 25 ක් පමණ මුදල් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇති බවට අමාත්‍යංශ ලේකම්වරයා සදහන් කරයි. මෙසේ වැඩිපුර මුදල් ගෙවීමට සිදු වන්නේ අවුරුදු 5 ක් වැඩ ආරම්භ නොකොට ප්‍රමාද කිරීම නිසාය.

පසුගිය රජය විසින් ප්‍රමාද කරන මධ්‍යම අධිවේගී මාර්ගය කඩිනම්න් ඉදිකරන බවත් යහපාලන රජයේ අදූරදර්ශි අකාර්යක්ෂම හා අක්‍රමවත් පාලනය නිසා වැඩ ආරම්භ නොකල හේතුවෙන් වැඩිපුර මුදල් පවා මෙම අධිවේගී මාර්ගය ඉදිකිරිම සදහා ගෙවීමට සිදු ඇති බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. වැඩිපුර ගෙවන හැම රුපියලක්ම ජනතා මුදල් බවත් අමාත්‍යවරයා පැවසීය. විවිධ අවස්ථාවන් වලදී මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට පවා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන බවට යහපාලන ඇමතිවරුන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නොමඟ යැවූ බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වහාම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රානාන්දු මහතා පැවසීයග මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරීමට වසර 4ක් ගත වුවත් වසර 3 ක් ඇතුලත මෙහි ඉදිකිරීම් වේගවත් කොට අවසන් කර ජනතා අයිතියට පත්කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩි දුරටත් පැවසීය.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යංශය

58,773 views

16 Comments to “අවුරුදු පහක් වැඩ ආරම්භ නොකල අධිවේගී මාර්ගයේ වැඩ අරඹයි..”

  1. Isuru says:

    යහපාලනෙන් අපේ රට අවුරුදු 5ක් අරාජික කලා විතරක් නෙමෙයි. රටේ ආර්ථිකේ කඩල දාල රට අවුරුදු 15කින් විතර ආපස්සට හැරෙව්වා.

    • kamal says:

      ආරම්බ නොකලද ආරම්බ කරන්ට කලින් කිරිඇල්ලයා වමට ගැහුවද?

      • Sam says:

        මොනවා නැති උනත් මහින්දයි ජොනියයි දෙන්න එකතුවෙලා අධිවේගී මර්ගනම් හදයි. අධිවේගී මාර්ග නම කියද්දී මුන්ගේ කටින් කෙල හැලෙනවා .රට දුප්පහ් වෙනවා මුන්ගේ මඩිය තරවෙනවා .

        • 2015 මීහරකා says:

          තවමත් පච. ඔප්පු කරන්න බැරි වුන පච.
          ජනතාව රැවටුණු පච.
          ජනතාව ප්‍රතික්ෂේප කල පච.

        • NAK says:

          ඒත් කමක් නැහැනෙ අඩු ගානෙ පාරවල් ටික වත් හැදෙනවානෙ නැත්නම් කිරිඅැල්ලයාගෙ සාක්කුව පිරෙන ඒක විතරයි නෙ වුනෙ

      • Amaris says:

        අධිවේගී මාර්ගයි හමබන්තොට වරායයි මත්තල ගුවන් තොටුපොලයි නිසා තමා මේ රට මෙතරම් අගාදයකට ඇද වැටුනේ. මේ මහා පරිමාන වෙයාකෘති වල මූලික පරමාර්තය උනේ මහජන මුදල් සොරා කෑමයි .මේවාට වැයකල මුදලින් වැඩි කොටසක් ගියේ කාලකන්ණි දේශපාලුවන්ගේ විදේශ ගිනුම් වලට. දෙවියන්ගේ නාමයෙන් මේ තුප්පහි දේශපාලුවන්ගේ මහජන මුදල් හොර්‍ර කෑම දැන් වත් නතර කලයුතුයි. රජයේ ටෙන්ඩර් පිරිනැමීම පාහර දේශපාලුවන්ගෙන් ඉවත්කර ස්වාධීන කොමිසමක් හරහා කලයුතුයි. එසේ නොඋනහොත් අනාගත පරපුරට රටක් ඉතිරිවන්නේ නෑ .

        • රජරට බයියා says:

          ප්‍රසම්පාදන කොමිසමක් තිබ්බත් උන කෙහෙම්මලක් නෑ. කොමිසමක් තිබ්බා කියලා ඒකෙන් වැඩක් වෙන්නේ නැත්නම් මොකටද. ස්ඩුම තරමේ මාර්ගොපදේශ ටිකවත් හරියට කොරගන්න බැරිවුනා. වුනේ මොනවද කියලා හොයල බැලුවනම් හොදයි

        • 2015 මීහරකා says:

          තවමත් පච. ඔප්පු කරන්න බැරි වුන පච.
          ජනතාව රැවටුණු පච.
          ජනතාව ප්‍රතික්ෂේප කල පච.

        • Ranjith says:

          උඹලා බුදියන් හිටියද අවුරුදු 5ක්‌ ඕවා හොයන්නේ නැතුව. උඹ පලයන් ගල් යුගයේ රටකට කෑලෑ පාරවල් විතරක් තියෙන. ගොන් හරකෝ ඉස්සර පැය 5 ක්‌ විතර ගියා කොළඹ ඉඳන් මාතර යන්න. දැන් ගිහිල්ල ආපස්සට එන්නත් පුළුවන් පැය 3 ක්‌ යනකොට. අනේ තොපි වගේ හරක්. කාපන් පුන්නක්කු.

        • NAK says:

          මත්තලයි වරායයි දෙකටම වැඩිය ලොකුයි මහ බැංකු හොරකම ඒතකොට මූ කොහෙද හිටියෙ දන්නෙ නැහැ

  2. Saradiel says:

    විසාල පිරිසකට රැකියා මෙයින් ලැබෙනවා ඔබතුමාට තුති

  3. හිටපු ඇමති නලින්ද..? says:

    අවුරුදු පහක් වැඩ ආරම්භ නොකරම නලින් පුතා
    අධිවේගී කොන්ත්‍රාත් වැඩ ඇරඹුවේ කොමිස් පතා
    ඉවර වුනාම යමු හැටට හැටේ සමඟම ජොනී පුතා
    කියමින් නලින් ගහපු හංගපු කොමිස් කෝටි කතා

    • rhyme says:

      තිබුනත් පනතක් ගැසට් වෙලා
      සුරකිනු පිණිසම පැරණි අගේ
      කැඩුව නමුත් එය නොදී වගක්
      නැත සැලුණේ එක මයිල් ගසක්

      හැකි වෙයි නවන්න බලය නිසා
      ඔවුනුත් ඇත කවටයන් ලෙසින්
      නැත එහි නම් උපහාස ඉඩක්
      යයි එය නොනැමිම අප හරහා

    • rhyme says:

      තිබුනත් පනතක් ගැසට් වෙලා /
      සුරකිනු පිණිසම පැරණි අගේ /
      කැඩුව නමුත් එය නොදී වගක් /
      නැත සැලුණේ එක මයිල් ගසක් /

      හැකි වෙයි නවන්න බලය නිසා /
      ඔවුනුත් ඇත කවටයන් ලෙසින් /
      නැත එහි නම් උපහාස ඉඩක් /
      යයි එය නොනැමිම අප හරහා /

  4. රජරට බයියා says:

    යහපාලනයේ නිවටයෝ අපේ රැකියා දේශපාලන පලිගැනීමට අහිමි කලා. තොරතුරු හා සංනිවේදන ඒජන්සියේ. මේ රජයෙන් පත්කල අය ඊටත් වඩා කෲරයි. සදාරනය ඉටුනොකර යූඑන්පී චෞරයෝ එක්ක සෙට් වෙලා අපිටම කෙලිනවා.

  5. kelum dissanayake says:

    ජය වේවා ජොන්ස්ටන් මැතිතුමනි ඇතුගල්පුර නායකයාණෙනි

Main News