අවුරුදු බෝනස් එනවා.. පෙට්‍රල් 30කින්, ඞීසල් 20කින්, විදුලි බිල 20% කින් වැඩි කිරීමට තීරණය කෙරේ..
March 17, 2017 at 10:00 am | lanka C news
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පසුගිය දා පැවති සාකච්ඡාවක් අනුව දැනට ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වී ඇති ඩොලර් මිලියන 1400 ණය මුදලේ ඉතිරි කොටස් ලබා ගැනීම සඳහා අනිවාර්යෙන්ම ලබන මාසයේදි එනම් අප්‍රේල් මාසය අවසන් වීමට පෙර පෙට්‍රල් ඩීසල මෙන්ම විදුලිය ඉහළ දැමීමට රජය එම අරමුදලේ නියෝජිතයින් සමග එකඟ වී ඇති බව ඉහල පෙලේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අනුව පෙට්‍රල් ලීටරය මිල රුපියල් 30 කින්ද ඩීසල් ලීටරයක් රුපියල් 20 කට ආසන්න මුදලකින් ද වැඩි වීමට යෝජනා වී ඇති අතර රටේ සමස්ථ විදුලිබල පාරිභෝගිකයින් සඳහා 20% ක අධිභාරයක් අයකරනු ඇත. එනම් 20%ක වැඩිවීමක් සිදු වනු ඇත.
ඒ අනුව බස් ගාස්තු ත්‍රීවීලර් ගාස්තු මෙන්ම පාසල් ලමුන් සඳහා ගෙවන ප්‍රවාහන ගාස්තු ඇතුළු අනෙකුන් සියලු නිෂ්පාදනවලටද සියලු පාරිභෝගික භාණ්ඩ හා සේවා සඳහාද මෙම වැඩි වීම බලපානු ඇත.
Thanks a lot Jahapalanaya.
wow very good
Aiyo podi ganak ne.. widuli bila 50% kin wadi karala petrol, diesel 200kin withara wadi karanam thamai honda.. Yahapalanayath ekka puduma diyunuwak ne thiyenne rate.