අවුරුදු මත්පැන් සාදයක් දැමූ තිදෙනෙක් සිහිසුන් වෙයි.. දෙදෙනෙකු මිය යයි..

April 17, 2021 at 8:02 am | lanka C news
අවුරුදු මත්පැන් සාදයක් දැමූ තිදෙනෙක් සිහිසුන් වෙයි.. දෙදෙනෙකු මිය යයි..

අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැත්වූ මත්පැන් සාදයකට එක්වූ තිදෙනෙකුගෙන් දෙදෙනකු හදිසියේම මිය ගොස් ඇත.

ගලෙන්බිඳුණුවැව පඬිකාරමුල්ල ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මත්පැන් සාදය පවත්වමින් සිටියදී මෙම තිදෙනා ම එකවර සිහි සුන් වී තිබේ.

එනිසා ඔවුන් කඩිනමින් රෝහල වෙත රැගෙන යද්දී දෙදෙනෙකු මියගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

අනෙක් පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත.

ඔවුන් විසින් පානය කරන ලද මත්පැන් විෂ වූයේ දැයි පරීක්ෂණ පවත්වමින් සිටියි.

12,821 views

3 Comments to “අවුරුදු මත්පැන් සාදයක් දැමූ තිදෙනෙක් සිහිසුන් වෙයි.. දෙදෙනෙකු මිය යයි..”

  1. Darshana abayakoon says:

    ඔවා සාමාන්ය දේවල් අප්පා, සව්බාග්යෙ දැක්මට අනුව කසිප්පු ගෘහ කර්මාන්තයක් කරාම බේබද්දො ටික නිකම්ම වද වෙලා යනවා. කොහොමද ස ගෙ මොලේ?

  2. " මිස්ට කිඩ්නි "😢😪 says:

    මුස්ළිම් ආගමිකයන් හැර
    ඔය මත්වතුර කියන විස
    පාචිච්චි නොකරන්නේ
    කවුරුද කියමු බලන්න…!

  3. 😪😢😪😢 says:

    නුවර වැව ලඟ ප්‍රසිද්ධ ගෙදර යන ගමන්
    කඩේ දකින්න පුලුවනි! බලන්නකො
    එතැන විස්කි ගන්න ඉන්න සෙනඟ …..
    පසුදාට බලන්නකො නුවර ඉස්පිරිතාලෙ
    ඇක්සිඩන්ට් වාට්ටුවෙ කෑගගහ අඬමින්
    ඉන්න සෙනඟ….😪😪
    වාහනය වගේම අතපයත් කුඩු පට්ටම්…!

Main News