අවුරුදු සැමරිල්ලෙන් කොරෝනා තුන්වැනි රැල්ලක්…

April 13, 2021 at 6:48 pm | lanka C news
අවුරුදු සැමරිල්ලෙන් කොරෝනා තුන්වැනි රැල්ලක්…

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සමරනවිට රට තුළ කෝවිඩ් වසංගතය පවතින බව දැන ජනතාව අවුරුදු සැමරිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

ලෝක ව්‍යාප්ත වසංගතයක් ජනතාවගේ සහයෝගය නොමැතිව ආණ්ඩුවට හෝ සෞඛ්‍ය අංශවලට තබා පොලීසියට හමුදාවටවත් පාලනය කළ නොහැකි බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.

ජනතාව පෞද්ගලික කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය සෞඛ්‍ය පුරුදු අනුගමන කිරීම අතිශය වැදගත් බවත් එසේ නොමැති නම් තුන්වැනි රැල්ලක අවදානම මතුවිය හැකි බවත් සහකාර ලේකම්වරයා පැවසීය.

අවුරුදු උත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔස්සේ පැවැත්වීමට හැකියාව තිබුණද නොපවත්වා සිටීමට හැකිනම් වඩාත් යහපත් බව ඒ මහතා අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේ ජනතාව අවුරුදු හරියාකාරව සැමරැවේද යන්න මැයි මාසය වනවිට දැනගත හැකිවනු ඇති බවයි.

කොතරම් නීති මාර්ගෝපදේශ තිබුණද වඩාත් වැදගත් වන්නේ ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති බවද ඒ මහතා සඳහන් කළේය. නොසැලකිලිමත් බවේ ප්‍රතිඵල භුක්තිවිඳීමට සිදුවන්නේ ජනතාවටම බවද මෙහිදී කියා සිටියේය.

13,427 views

10 Comments to “අවුරුදු සැමරිල්ලෙන් කොරෝනා තුන්වැනි රැල්ලක්…”

  1. බ්ල්ලා says:

    බටහිර ඖෂධ මාෆියාවේ සහ කොරොනා රෝගයට තමුන්ට ප්‍රතිකාරයක් නැතිව රෝගින් කොටුකරගෙන ඉන්න නිරෝධන මාෆියාවෙන් ගැලවෙන්නෙ කොහොමද කියන එකයි මේ රටේ මිනිස්සු හිතන්නෙ. GMOA කාරයෝ එනව මෙතන තමුන්ගෙ වැදගත්කම පෙන්වන්න. සේල්ස්මන්ලා සේල්ස්මන්ලම තමයි. දේශිය වෙදෙක්ගේ දක්ශකමින් අවුන්සයක්වත් මුන්ට නැහැ ටයි එකක් දමාගෙන බොරු ෂෝ එකක් පෙන්නගෙන හිටියට.

    • බූරු පුතාණෝ සජියා says:

      ඔය GMOA දොස්තරල දෙන්නෙ ඇප්ලටොක්සින් වලටත් වඩා විෂ බෙහෙත් නිසා උඹ උන්ගෙන් බෙහෙත් ගන්න එපා. ආණ්ඩුවේ රෝහල් වලත් බෙහෙත් දෙන්නෙ GMOA මිනීමරුවො නිසා ඒවාට යන්නත් එපා. උඹ අපේ ආයුර්වේද රෝහලට ඇවිත් තරල සාරය බීපන්. උණ්ඩුකපුච්ඡයේ ඉඳල කකපුජ්ජට යනකං තියෙන ඔක්කොම රෝග නිෂ්ඨාවට හොඳ වෙනවා.

    • fass says:

      මුන්ට තමයි NATO කියන්නේ… No Action Talks Only.

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    අවුරුදු කියන්නෙ අපේ හෙළ උත්සවයක් ඕක ඉන්දියාවෙ කේරලෙන් අපිට ආපු එකත් ඕකෙදි හදන කැවුම් කොකිස් අතිරස ඔක්කොම උන්ගෙන් ආපු කෑම වීමත් වෙනම කතාවක් .ඒ විතරක්යැ හෙළ අවුරුද්දට ඇදුම් නානලාගෙන් පොල්තෙල් නානලාගෙන් මුන් කහ උදු මේව අමාරුවෙන් හරි හොයා ගත්තොත් ඒවත් නානලාගෙන් අවුරුදු කන්න සල්ලි ඒව චීනගෙන් ණයට ..එහෙව් හෙළ අවුරුද්ද සමරල චීන දුන්නු කොරෝනත් හදා ගත්තම බයි අපිට කොච්චර සැපද .මොළයක් ලැබෙන තුරු මෙහෙම තමා

    • බත says:

      මම මෙි රටෙි හිටියට මෙි රටෙි දේ කැවට හුස්ම ටික ගත්තටරටට කෙලවන එක තරං සොමියක් තවත් නෑ එන්ඩ මල්ලිලා අපි එක්ක එකතු වෙන්ඩ

    • Alapaluwa says:

      ඇත්තනේ බොල අපේ කාලේ 2019නනාලා අපිට කලිසම පිටින් ඇරියා ඒත් පිහදාගෙන පාඩුවෙි හිටියා

    • fass says:

      ඇයි බං එහෙනම් ඉන්දියාවේ මේ අවුරුද්ද සමරන්නේ නැත්තේ? අපිට දීල උන් නවත්තන්න ඇති නේද?
      එතකොට බං තෛපොංගල් කියන්නේ මොකද්ද?

  3. ක්‍රිමිනල් says:

    සජියා තමා වග කියන්ඩ ඔනේ. මොකද බුරැ පැටවි ටික මැරෙන්ඩ හැදුවනේ මිිස්ුන්ට මෙදා අවිරැදු නෑ කියලා ඔන්න දැන් මිනිස්සු සමරනවා

  4. Jepi buster says:

    අවුරුදු සමරන්න එපා කිවුව නම් ජෙප්පො මිනිස්සු අවුලුවල මේක දෙකක් කරයි.

  5. Helaya says:

    Mu kohe paselakatada gihilla tibenne. Gon harakek hindu karayanta koheda april wala awrudu nariyo

Main News