අවුරුදු හතරක් මං ජාත්‍යන්තර එක්දින ගැහුවෙ නැතත් දේශීය එක්දින ගැහුවා.. ලකුණුත් ගොඩක් ගැහුවා..- දිමුත්
April 19, 2019 at 3:00 pm | lanka C news
තමන් වසර 04ක කාලයක් ජාත්‍යන්තර එක්දින තරගා සදහා සහභාගී නොවුනද දේශීය වශයෙන් එක්දින තරග වලට සහභාගී වී ඇති බව ලෝක කුසලානය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි.
එම තරගවලදී වැඩිම ලකුණු ලාභීන්ගේ පලමු පස් දෙනා අතර සෑම වසරකදීම සිටි බවත් ඔහු කියා සිටී.
එම වසර හතරේදී තමන් ජාත්‍යන්තර ටෙස්ට් තරගවලට ක්‍රීඩා කර ඇති බවත් පවසන නව ශ්‍රී ලංකා නායකයා ලෝක කුසලාන තරගාවලයේදී හොදින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වන බවද කියයි.
කෙසේ වෙතත් දිමුත් කරුණාරත්නගේ නායකත්වය මෙන්ම නම් කර ඇති සංචිතය සම්බ්නදයෙන්ද විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වෙමින් තිබේ.
මම ජාත්‍යන්තර ක්‍රිකට් නොගැහුවට අපේ ගමේ ක්‍රිකට් ගැහුවා, ලකුණු ගොඩක් රැස් කරා, හයේ පහරාවක් ශතක ගොඩක් ගහල තියෙනවා.
ඉතින් අනේ මාවත් ගන්නකො ඔය එංගලන්තයේ යන කණ්ඩායමට…. මම දිමුත් ට වඩා දේශීය ක්‍රිකට් ගහලා තයෙනවා…..!!!
Spost minister Harin and dimuth from same school well as Mathews and Thisara. Catholic Mafia . Gebrial plan