අවුරුදු හතරනට කිසිම මැතිවරණයක් නෑ.. ඇතුලේ ඉදන් කෑගහන අය කැමති නම් ආණ්ඩුවේ ඉන්න..- ජනපති
January 9, 2017 at 8:40 am | lanka C news
2015 ජනවාරි 8 වෙනිදා ජනතාව තිබුණ පාලන බලය වෙනස් කොට ආණ්ඩු බලය ලබා දුන්නේ තමන් ජනතාව ලබාදුන් ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව සම්මුතිය ආණ්ඩුවකට බවත් අවුරුදු 65 ක් පැරණි දේශපාලන පක්ෂ දෙකක් එකතු කරගෙන යෑමේදී ගැටලු තිබුනත් මේ ආණ්ඩුව තව අවුරුදු 4 ක් යනතුරු ඉදිරියට යන බවත් ජනතාව ඒ ගැන අවබෝධයක් ඇති බවත් එහෙත් සමහර ආණ්ඩුවේ ඇතුළත මෙන්ම පිට සිටින උදවියට ඒ ගැන අවබෝධයක් නොමැතිව අලුත් ආණ්ඩු හැදිමක් ගැන කතා කරන බවත් ජනාධිපති වී දෙවර්ශ පූර්ණ උත්සවය මෙන්ම ජනාධිපති තෙවෙනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැවති උත්සවය දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මෙහිදී සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු සභාපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් ගැන වචනය කුදු ප්‍රකාශ නොකල අතර උන්වහන්සේ ඇතුළු සිවිල් සංවිධාන විසින් තිබූ විධායක ජනාධිපති පාලනය ක්‍රමය වෙනස් කිරීමට කැපවීමකින් ක්‍රියා කිරීම හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස තෝරාගත් බව හෝ උන්වහන්සේ සම්බන්ධව කිසිවක් ජනාධිපති තෙවෙනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැවති උත්සවය දි කතා නොකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වග බලා ගත්හ.
මෙම උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලවේ පැවති අතර ආන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමති ද සහභාගි විය. ශ්‍රීලංකාවේ මෙවෙනි ජාතික වැදගත්කමක් ඇති උත්සවයක් මෙන්ම ජනාධිපති තෙවෙනි පදවි ප්රාප්ති උත්සවයක් වෙනුවෙන් ඉතිහාසයේ පලමුවරට ඉන්දියාවේ ප්‍රාන්තයක මහ ඇමතිවරයකු ප්‍රධාන අමුත්තා ලෙස ශ්‍රීලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ආණ්ඩුවේ රාජ්‍ය උත්සවයක් සඳහා සහභාගි වු පලමු අවස්ථාව ද මෙය විය. ඉන්දියාවේ ප්‍රාන්ත 29 ක් තිබෙන අතර ඉන්දියාවේ අගමැති වරයෙකු මෙන්ම විධායක නොවන ජනාධිපතිවයෙකු විසින් ඉන්දීය මධ්‍ය රජය පාලනය කරනු ලබයි.